වසර 10ට ළමා පැමිණිලි 97,584ක් | Page 10 | සිළුමිණ

වසර 10ට ළමා පැමිණිලි 97,584ක්

ඉකුත් වසර 10ක කාලය තුළ ජාතික ළමාරක්ෂක අධිකාරියට ළමා හිංසන හා ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 97,584ක් ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි. මේ පැමිණිලි අතුරෙන් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි දෙවන තැන හිමිව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටය.

ළමා හිංසන පිළිබඳව දැනුම්වත් කිරීමට 1929 දුරකතන අංකය හඳුන්වා දීමත් සමඟ මේ පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇති බව පෙන්වා දුන් අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඉදිරියේදී ළමාරක්ෂක පනත සංශෝධනයට කටයුතු යොදා ඇති බවයි.‍

ඒ අනුව ළමාරක්‍ෂක පනත යටතේ දණ්ඩනීති සංග්‍රහයේ ඇතැම් කොටස් සංශෝධනය කිරීමට කටයුතු යොදන  අතර ළමයින්ට සිදුවන කායික හා මානසික පීඩාවලට අදාළ වගන්ති ඒ අනුව සංශෝධනය කර ඉදිරි කටයුතු සදහා අධිකරණ අමාත්‍යාංශයට භාරදී ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් හෙළි කළේය.

Comments