හරක් කටාගේ ගෝලයෙකු වන ආමි සනත් අත්අඩංගුවට | Page 10 | සිළුමිණ

හරක් කටාගේ ගෝලයෙකු වන ආමි සනත් අත්අඩංගුවට

අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හරක් කටාගේ මත්කුඩු ජාලය මෙහෙයවූ ආමි සනත් නමැත්තා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙයි
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ දෙකෙහි නිලධාරීන් අහංගම, මිදිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
හරක් කටාගේ ආමි සනත් නමින් හදුන්වන මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව හරක්කටාගේ මෙහෙයවීම මත වෙඩි තැබීම් වලට භාවිතකළ ගිනි අවි ප්‍රමාණය සහ ප්‍රහාරවලට යොදාගත් අවි පිරිසිදු කිරීම ආදී කටයුතු මොහු සිදුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි
 
මේ අතර මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ප්‍රින්ස් කොලම් නමැත්තාගේ සමීපතමයෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත

Comments