නීතිවිරෝධී මෙරටට ගෙන් වූ භාණ්ඩ තොගයක් හසුවෙයි | Page 10 | සිළුමිණ

නීතිවිරෝධී මෙරටට ගෙන් වූ භාණ්ඩ තොගයක් හසුවෙයි

වායූ සමීකරණ, රූපවාහිනී ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කිරීමේදී රේගු භාරයට ගෙන තිබෙයි
 
එක්සත් අරාබි එමිර් රාජයේ සිට පාවිච්චි කරන ලද යන්ත්‍රෝපකරණ බව පවසමින් මෙම භාණ්ඩ ආනයනය කර ඇත
 
අදාළ භාණ්ඩ තොගය අතර රූපවාහිනි යන්ත්‍ර 68ක්, වායූ සමීකරණ යන්ත්‍ර 77ක්, භාවිත කරන ලද ටයර් ඇතුළු යන්ත්‍රෝපකරණ තිබු බව රේගුව සඳහන් කළේය
 
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරික්ෂණ අංශයේ නිලධාරීන් විසින් එම භාණ්ඩ තොගය රේගු භාරයට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.එස්.වීරසිරි මහතා පවසයි

Comments