සිරිපා කරුණාවට මහ සෙනඟක්! | Page 10 | සිළුමිණ

සිරිපා කරුණාවට මහ සෙනඟක්!

මෙවර සිරිපා වන්දනා කිරීමට දෛනිකව 20,000කට ආසන්න වන්දනාකරුවෝ පිරිසක් පැමිණෙති. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වසර 2020 ආරම්භයත් සමඟ ඇති වූ කොවිඩ් වසංගතයෙන් පසු වර්තමානයේ රට යථා තත්ත්වයට පත්වෙමින් තිබීමය. ඉකුත් වසරේ දෙසැම්බර් මස උඳුවප් පුන් පෝයෙන් ආරම්භ වූ සිරිපා කරුණාව වෙසක් පුන් පොහොයෙන් නිමාවට පත් වේ. මේ සිරිපා කරුණා කර සතුටු සිතින් ආපසු පැමිණෙන වන්දනා නඩයක් ගඟුලතැන්නේදී සිළුමිණ ඡායාරූප ශිල්පී සුලෝචන ගමගේගේ කැමරාවට ඉකුත් දා හසු වූ අයුරුය.

Comments