අධිවේගී පොලිසියෙන් අඩක් අඩුවෙන හැඩ | Page 10 | සිළුමිණ

අධිවේගී පොලිසියෙන් අඩක් අඩුවෙන හැඩ

පොලිස් අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් නුදුරේදී ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ. ප්‍රාදේශීය පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිඟය මීට ප්‍රධාන හේතුව වී ඇත.

බස්නාහිර සහ දකුණු පළාත් අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අන්තර් හුවමාරුවල සේවයේ නිරත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 900ක් වන අතර පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය බදු පදනමින් ලබාගෙන ඇති සුඛෝපභෝගී වෑන් රථවල බදු කාලය නිම වීමෙන් පසු එම රථවල සේවයද පොලිස් ස්ථානවලට නොලැබෙනු ඇත.

Comments