ලෝක ආහාර වැඩ­ස­ට­හ­නින් සහල් මෙට්‍රික් ටොන් 3950ක් | සිළුමිණ

ලෝක ආහාර වැඩ­ස­ට­හ­නින් සහල් මෙට්‍රික් ටොන් 3950ක්

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජා නියෝජිතායතනය (USAID) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) යටතේ මෙරට පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම පිණිස සහල් මෙට්‍රික් ටොන් 3950ක් ලබා දීමට කටයුතු කර ඇත. එයින් සහල් මෙට්‍රික් ටොන් 600ක් පාසල් දරුවන්ගේ ආහාර වෙනුවෙන් වෙන් කර ලබා දීමට එම ආයතන කටයුතු කර තිබේ.

පාසල් දරුවන්ගේ ආහාරයට අදාළ සහල්වලින් පළමු තොගය පසුගිය සතියේ මෙරටට ලබා දී ඇති අතර, පරිප්පු මෙට්‍රික් ටොන් 768ක්, සෝයා මෙට්‍රික් ටොන් 1188ක් සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2310ක් ද ලබා දෙනු ඇත. පාසැල් දරුවන් මිලියන 1.7ක් සහ ගර්භිණී හා කිරිදෙන මවුවරුන් ලක්ෂ 3ක් වෙත මෙම ආහාර ලබා දීමට යෝජිතය.

 

Comments