බේරේ සුද්ද කරන්න ජපානයෙන් සහාය | Page 10 | සිළුමිණ

බේරේ සුද්ද කරන්න ජපානයෙන් සහාය

කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් ඩොලර් මිලියන 3 ක වියදමින් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාව පළ කර තිබේ. ආරම්භ කළ දින සිට මාස 06 ක් ඇතුළත මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ එම සමාගමේ නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු අදාළ සමාගම මෙම එකඟතාව පළ කර ඇත. බේරේ වැව පිරිසිදු කර දෙන ලෙස ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ වනු ඇත.

Comments