
නත්තල් උත්සවය වෙනුවෙන් දුර සේවා විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය 8ක් ධාවනයට එක් කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.ඩී.ජී. සෙනෙවිරත්න සිළුමිණට කීය. බදුල්ල හා කොළඹ අතර විශේෂ දුම්රිය 6ක් හා කොළඹ හා කන්කසන්තුරය අතර විශේෂ දුම්රිය දෙකක් මෙසේ ධාවනයට එක් කළ බව ඔහු පෙන්වා දෙයි.
23 වෙනිදා රාත්‍රී 7.20ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කළ බවත් 24 හා 25 දෙදින පෙරවරු 7.10ට තවත් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කළ බවද ඔහු කීය. එම දුම්රියයන් 25 වෙනිදා පෙරවරු 7.30ට හා රාත්‍රී 7.30ටත් 27 වෙනිදා පෙරවරු7.30ටත් යළි කොළඹ බලා ධාවනය කෙරේ. 23 වෙනිදා රාත්‍රී 9.20ට කන්කසන්තුරය බලා ධාවනය කළ දුම්රිය 26 වෙනිදා පෙරවරු 4.00ට කන්සකසන්තුරයේ සිට කොළඹ බලා ධාවනයට යොදවා ඇත.