
මැතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන්නන්ගෙන් අභිලාෂ කැඳවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් දැන් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට මේ වන විටත් විවිධ පාර්ශ්ව සහ පුද්ගලයන්ගෙන් අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර විනිවිද භාවයෙන් යුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එම ඉල්ලීම් එක්රැස් කර ගැනීම සිදු කළ යුතු බැවින් මෙම තීරණය ගෙන ඇති බව කියැවේ. දැනට සිටින පළාත් පාලන මහජන නියෝජිතයන්ට අමතරව නවක අපේක්ෂකයන් ලෙස යහපත් දේශපාලන ආකල්ප දරන තරුණ තරුණියන් සමාජ ක්‍රියාකාරකයන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයන් කෙරෙහි ප්‍රමුඛතාවක් ලබා දීමට පොදු ජන පෙරමුණ කටයුතු කරගෙන යන බව දේශපාලන ආරංචි මාර්ගවලින් හෙළි වේ.
එමෙන්ම දැනට සිටින පළාත් පාලන මහජන නියෝජිතයන් අතර නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැණිව කටයුතු කර ඇති අයෙක් වේ නම් ඔහුගේ අපේක්ෂකත්ව ඉල්ලීම නීත්‍යානුකූල පදනමක් මත ප්‍රතික්ෂේප කිරීමට ද පොදු ජන පෙරමුණ තීරණය කර ඇතැයි ද කියනු ලැබේ.