අනතුරින් මියගිය දන්ත වෛද්‍ය සිසුවියගේ අවයව පරිත්‍යාග කෙරේ | Page 10 | සිළුමිණ

අනතුරින් මියගිය දන්ත වෛද්‍ය සිසුවියගේ අවයව පරිත්‍යාග කෙරේ

රිය අනතුරකට ලක්ව ජීවිතයෙන් සමුගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක වූ සචිනි ගලප්පත්තිගේ දෙඇස් හා ශරීර අවයව කොටසක් ඇගේ භාරකරුවන් විසින් පේරාදෙණිය රෝහලට පරිත්‍යාග කර ඇත.

ඉකුත් පළමු වැනිදා අධ්‍යයන කටයුතු අවසන්ව විශ්වවිද්‍යාලයේ සිට හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරයට යමින් සිටි අතරතුරදී සචිනි හා ඇගේ යෙහෙළියන් දෙදෙනා රිය අනතුරට ලක්ව ඇත. සචිනි ගලප්පත්ති මිය යන විට 23 වැනි වියේ පසු වූ අතර ඇය තංගල්ල බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

ඇයගේ අවසන් කටයුතු 11 වැනි සිකුරාදා තංගල්ල පොදු සුසාන භුමියේදී සිදුකරන ලදී.

Comments