ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ජනපතිගෙන් අට පුද්ගල කමිටුවක් | සිළුමිණ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ජනපතිගෙන් අට පුද්ගල කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිතයන් කර ඇති දැනුම්දීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට අට පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් තීරණය කර ඇත.

එම කමිටුවට විදේශ ඇමැති අලි සබ්රි, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති උපදේශක ආචාර්ය අර්.එච්.එස් සමරතුංග, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු මහ බැකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන අය ඇතුළත් වෙති. ජනාධිපති සමඟ සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් කර ගන්නා ලෙස අයි.එම්.එෆ් හා ලෝක බැංකු නියෝජිතයන් සාගල රත්නායක හමුවේ කළ දැනුම්දීමට අනුව මෙම කමිටුව පත් කර ඇත. මෙම කමිටුව මැදිහත්වී ඉන්දියාව හා චීනය සාකච්ඡාවන්ට යොමු කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව යම් සාධනීය තැනකට කැඳවා ගැනීමට අදාළව සාකච්ඡා ඉදිරියේදී ආරම්භ කෙරෙනු ඇත.

Comments