රට අස්ථා­වර කරන්න එන්.ජී.ඕ. සල්ලි වැස්සක් | සිළුමිණ

රට අස්ථා­වර කරන්න එන්.ජී.ඕ. සල්ලි වැස්සක්

ශ්‍රී ලංකාවේ දේශපාලනික හා ආර්ථික වශයෙන් අඩපණ කර රජය අස්ථාවර කිරීම සඳහා විදේශ රාජ්‍ය නොවන සංවිධාන රැසක් ඩොලර් මිලියන ගණනක් ඉකුත් වසර කිහිපය තුළ වැය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ඉකුත් 28දා කියා සිටියේ නීතිය හා සමාජීය පදනමට 2020 වසරේදී ඩොලර් 172,670ක් ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ඩොලර් 285,000ක් සහ ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි කියමින් සිවිල් සමාජ මුල පිරීමට 2013 සිට 2017 අතර කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැය කර ඇති බවය.

පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් විමල් වීරවංශ කියා සිටියේ එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික උරුමය සංවිධානය (NED) මඟින් මුදල් ලබා දුන් සංවිධානවල ලේඛනයක්ද තමන් සභාගත කරන බවය.

එම සංවිධානය මඟින් වසර 1983 සිට රටවල් 100ක පමණ ක්‍රියාත්මක වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 

Comments