මෙරට 21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි | සිළුමිණ

මෙරට 21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.මෙම මරණය ඊයේ (31) වැලිසර ලය රෝහලේ දී සිදු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
මෙම මියගිය රෝගියා 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ අසාදිත තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා 23 වන දින රෝහල් ගත වී ඇති බව ද වාර්තා වෙයි
පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන නොමැති අතර මිය ගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සිදු කළ PCR පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටියි
 
 

Comments