පළාත් සභා­ සුදු අලියෙක්ද ජාතික ප්‍රශ්නයට විසඳුමක්ද ? | සිළුමිණ

පළාත් සභා­ සුදු අලියෙක්ද ජාතික ප්‍රශ්නයට විසඳුමක්ද ?

පළාත් සභා ගැන අධ්‍ය­ය­න­යක් සිදු කර­නවා

පළාත් සභා, පළාත් පාලන කට­යුතු රාජ්‍ය ඇමැති විශ්‍රා­මික රියර් අද්මි­රාල් සරත් වීර­සේ­කර 

පසු­ගිය රජය කාලයේ පළාත් සභා මැති­ර­ණය පැවැ­ත්වූයේ නැහැ. පරණ ක්‍රම­යට ඡන්දය පැවැ­ත්වී­මට නම් දැනට පව­තින පනත සංශෝ­ධ­නය කර­න්නට සිදු­වෙ­නවා . එය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර  වෙනස් කළ යුතුයි.                              වර්ත­මාන පන­තට අනුව නම් මිශ්‍ර ක්‍රමය යටතේ  දැනට මැති­ව­ර­ණය පැවැ­ත්විය යුතුයි. එහෙත් එම ක්‍රම­වේ­දය වෙනස් කිරී­මට මේ වන­විට කට­යුතු සිදු කර­මින් පව­ති­නවා. මිශ්‍ර ක්‍රම­යට ඡන්දය පව­ත්වන්නේ නම් නැවත සීමා  නිර්ණය පාර්ලි­මේ­න්තුවේ සම්මත කර­ග­ත ­යු­තුයි. 

පසු­ගිය රජය කාලයේ සීමා නිර්ණය සම්බ­න්ධ­යෙන් කළ වාර්තාව පාර්ලි­මේ­න්තුවේ අනු­මත වූයේ නැහැ.

කෙසේ වුවත් පළා­ත්ස­භා­ව­ලින් වන සේවාව සම්බ­න්ධව මේ වන විට අධ්‍ය­ය­නය කර­මින් සිටින්නේ. මේ මැති­ව­ර­ණ­යට අති­වි­ශාල මුදල් ප්‍රමා­ණ­යක් වෙන් කළ යුතු වෙනවා. 

මේ පළාත් සභා­වල කාර්යය භාරය කුමක්ද? කාර්ය­ක්ෂ­ම­තා­වය කුමක් ද? යන කරුණ සම්බ­න්ධ­යෙන් අපි සැල­කි­ලි­මත් විය යුතුයි. ඇත්තෙන්ම පළාත් සභා­වෙන් ජන­තා­වට සේවා­වක් වෙනවා ද කියන කාර­ණාව මේ වන විට  අධ්‍ය­ය­නය කර­නවා. උදා­හ­ර­ණ­යක් ලෙස කෘෂි­ක­ර්මාන්ත ඇමැ­ති­ව­රුන් දහ­යක් හිටියා එසේ නම් ඒ කෘෂි­ක­ර්මාන්ත දියු­ණු­වෙලා තියෙ­නවා ද? අනෙක් ක්ෂේත්‍ර දියුණු වෙලා තිය­නවා ද කියන කරුණ සම්බ­න්ධ­යෙන් මේ වන­වි­ටත්  සොයා බල­නවා. ඒ පිළි­බඳ අධ්‍ය­ය­නය කර රජ­යට නිර්දේ­ශ­යක් ලබා දෙන්න බලා­පො­රොත්තු වෙනවා. උතුරු නැඟෙ­න­හිර ගැටලු තිය­නවා ඒ ගැන සොයා බැලිය යුතුයි. දැනට ඇති ගැටලු   සම්බ­න්ධ­යෙන් අපි වඩාත් සැල­කි­ලි­මත් විය යුතුයි. ඒ අනුව පැරැණි සමා­නු­පා­තික ක්‍රම­යට මැති­ව­ර­ණය පැවැ­ත්වීම සුදුසු බවයි මා සිතන්නේ.  කෙසේ හෝ ඉක්ම­නින් මැති­ව­ර­ණය පැවැ­ත්වීම සුදුසු බවත් මම පව­ස­නවා.

 

 පළාත් සභා ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ශක්ති­යක්

  මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලි­මේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්  

පළාත් සභා මැති­ව­රණ පනත සංශෝ­ධ­නය මම දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිංහ තම­න්ටම අට­ව­ගත්ත උගු­ලක් ලෙසයි. පනත ඉදි­රි­පත් කළ  ඇම­ති­තු­මාම පනතේ තිබුණු සීමා නිර්ණය සම්බ­න්ධව ගැට­ලු­වේදී විරු­ද්ධව ඡන්දය ප්‍රකාශ කළා. 

මුළු පාර්ලි­මේ­න්තු­වම සීමා නිර්ණය කොමි­සමේ වාර්තා­වට විරු­ද්ධව ඡන්දය ප්‍රකාශ කළා. එය විශාල අවුල් ජාල­යක්. පළාත් පාලන මැති­ව­ර­ණ­යේ­දීත් අපි තවත් අවුල් ජාලා­වක් ඇති කර ගත්තා. 

දැනට පළාත් පාලන ආය­ත­න­ව­ලත් ස්ථාව­ර­ත්ව­යක් නැහැ. කළින් පැව­තුණු සමා­නු­පා­තික ක්‍රමය යටතේ නැවත ඉතා ඉක්ම­නින් මැති­ව­ර­ණ­යට යාම සඳහා  සංශෝ­ධ­න­යක් හරහා කළ හැකියි. 

ඒ තුළින් කෙටි කාල­ය­කින් පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අව­කා­ශය ලැබෙ­නවා. පළ­මුව මැති­ව­ර­ණය පවත්වා  ඉන්ප­සුව මෙය මුළු­ම­නින්ම සමා­ලෝ­ච­නය කිරී­මට ලක් කළ හැකියි. 

මෙය නැවත සංශෝ­ධ­නය කිරී­මට යෑම පහසු වැඩක් නොවෙයි. පළාත් සභා ජන්ද ක්‍රමයේ අවුල් ජාලය නිසා  ඡන්දය පැවැ­ත්වී­මට අව­කාශ නැති වුණා. 

 ඒ අනුව පළාත් සභා මැති­ව­ර­ණය  අවු­ලෙන් අවු­ලට පත් වුණා. මේ තත්ත්වය මඟ­හ­රවා ගත­යු­තුයි. කාන්තා නියෝ­ජ­නය සම්බ­න්ධව පම­ණක් සාධා­ර­ණ­යක් සිද්ධ වුණා. 

කාන්තා නියෝ­ජ­නය සිය­යට 25ක් තහ­වුරු කිරී­මට ඉඩ අව­කාශ ලැබුණා. පළාත් පාලන ආය­තන පද්ධ­තිය මේ වගේ අවුල් ජාල­යක් බවට පත්වීම ජන­තා­වට අහි­ත­ක­රයි.  

මනාප ක්‍රමයේ තියෙන නොයෙ­කුත් අඩු­පා­ඩු­කම් තියෙ­නවා නම් අවම කර­ගන්න පුළු­වන්. වෙනත් ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන් පසුව සොයා බැලිය යුතුයි. මේ මනාප ක්‍රමය පිළි­බඳ විවේ­චන තියෙ­නවා. නමුත්  පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී එය අස­ත්‍ය­යක් බවට තහ­වුරු වුණා.  

මැති­ව­රණ ක්‍රමය අනුව ස්ථාවර ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට අප­හ­සුයි. ‘තුනෙන් දෙකක බලය ගැනී­මට අප­හ­සුයි‘,  ‘එක පක්ෂ­ය­කට  ඡන්දෙ ගත නොහැකි‘  යි වැනි කාරණා මතු කළා. ජය­ග්‍ර­හ­ණ­යට නම් සුළු­ජා­තීන්ගේ ඡන්දය අව­ශ්‍යයි. සුළු­ජා­තීන්ගේ ජන්ද කේවල්  කිරී­මක් සිද්ධ වෙනවා. 

නමුත් ඒ කතාව සම්පූ­ර්ණ­යෙන් පද­නම් විර­හි­තයි කියන කාර­ණාව පසු ගිය මහ­මැ­ති­ව­ර­ණ­යේදී ඔප්පු වුණා. මේ ක්‍රමය වෙනස් කරන අව­ශ්‍ය­තා­ව­යක් නැහැ. 

මනාප ක්‍රමය පිළි­බ­ඳව තියෙන විවේ­ච­නය මඟ­හ­රවා ගන්න යම් පිළි­ය­මක් යොදන්න  පුළු­වන්. ඒ සඳහා  ක්‍රම­වේ­ද­යන්   තියෙ­නවා. මම කියන්නේ පරණ ක්‍රම­යට නැවත ඡන්ද­යට යාමයි.  

එක්සත් ජාතික පක්ෂය කල් මර මර  මැති­ව­රණ කල් දම­මින්  එයින් තම­න්ටම උගු­ලක් අටවා ගත්තා  එහි ඵල විපාක ඒ  අයට ලැබුණා.  හැම කෙනෙක්ම සතුටු කරන්න ගියාම කව­දා­වත් එක­ඟ­ත්ව­ය­කට එන්න බැහැ.  තමන්ට අති­බ­හු­ත­ර­යක් ඡන්ද ලැබුණු පලි­ය­ටම  සියලු දේ  වෙනස් කිරී­මට යාම සුදුසු නැහැ. මෑත­කදී මැති­ව­රණ ක්‍රමය වෙනස් කරන්න ගිහිල්ලා සෑම පක්ෂ­ය­ක­ටම එය අර්බු­ද­යක් බවට පත් වුණා.   පළාත් සභා මැති­ව­ර­ණය කල් නොමරා   නිය­මා­කා­ර­යෙන් පැවැ­ත්විය  යුතුයි. 

දැනට පව­තින  ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ක්‍රම­වේ­ද­යක් තුළ බහු­පක්ෂ බහු­වා­ර්ගි­ක­යන් නියෝ­ජ­නය කෙරෙන මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම තුළ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තවත් ශක්ති­මත් වෙනවා.

 

බල­තල ඇති ප්‍රති­පා­දන මදි

 සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්. එම්. මරි­ක්කාර්

අපි පක්ෂ­යක් විදි­හට  පළාත් සභා ඡන්දය  සම්බ­න්ධ­යෙන් තවම  සාකච්ඡා කර නැහැ.  යෝජ­නාව පාර්ලි­මේ­න්තු­වට ගෙන ආ විට  ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. පළාත් සභා දිග­ටම පව­ත්වා­ගෙන යන්නේ  නම් මැති­ව­ර­ණය පැවැ­ත්විය යුතුයි. එසේ නොමැ­තිව පළාත් සභා  අහෝසි කර­නවා නම් එය වෙනම සාකච්ජා කළ යුතුයි. 

මැති­ව­ර­ණය පව­ත්වන්නේ නම්   පැරැණි ක්‍රම­ය­ටම පැවැ­ත්විය යුතුයි. 

පරණ ක්‍රම­යට  පව­ත්වන්නේ නම් අවුල් විය­වුල් හුඟක් අඩු­වෙන් මැති­ව­ර­ණය පැවැ­ත්විය හැකි බවයි  මගේ පෞද්ග­ලික මතය වන්නේ.  මැති­ව­ර­ණය දැන­ට­මත් බොහෝ කල් ගිහින් තියෙන්නේ. මැති­ව­ර­ණය පව­ත්වන්න උත්සාහ කර­නවා නම් අපි රජ­යට සහය දෙනවා.   

යළිත් පනත් ගෙනල්ලා සංශෝ­ධන ගෙනැ­විත් කට­යුතු කරන්න සැල­කිය යුතු කාල­යක් යයි. මැති­ව­ර­ණය ඉක්ම­නින් පැවැ­ත්විය යුතුයි කියන ස්ථාව­රයේ අපි ඉන්නේ. විශේ­ෂ­යෙන්ම පළාත් සභා ක්‍රමය පව­ත්වා­ගෙන යනවා නම් මීට වඩා මුදල් ප්‍රති­පා­දන ලබා දිය යුතුයි. 

බල­තල ලබාදී තිබු­ණත් ඒ බල­තල ක්‍රියා­ත්මක කරන්න ප්‍රති­පා­දන අව­ශ්‍යයි. උදා­හ­ර­ණ­යක් ලෙස පාසල් දහ­ද­හස් ගණ­නක් තියෙන රටේ මධ්‍යම රජය යටතේ තියෙන්නේ තුන්සි­ය­යක් පම­ණයි. එසේ නම් එය පාසල් හොඳ මට්ට­මින් පවත්වා ගන්නට නම් මුදල් ලබා දිය යුතුයි. අධ්‍යා­ප­නයේ ගුණා­ත්ම­ක­භා­වය දියුණු කිරී­මට නම් ප්‍රති­පා­දන තිබිය යුතුයි. රෝහ­ල්වල තත්ත්ව­යත් ඒ වගේ­මයි. 

අදාළ බල­තල ක්‍රියා­ත්මක කරන්න යාන්ත්‍ර­ණ­යක් සකස් කරන්න ඕන. එසේ නොහැකි නම් පළාත් සභා අහෝසි කළ යුතුයි. 

බොරු­වට පළාත් සභා පව­ත්වා­ගෙන ගිහින් ඒ යටතේ පව­තින ආය­තන නිසි නඩ­ත්තු­වක් කර­ගැ­නී­මට නොහැකි නම්  පළාත් සභා තිබී­මෙන් ඵලක් නැහැ.  

 අපි මෙහිදී මතු කළ යුතු කාර­ණාව වන්නේ සියලු දෙනාම ශ්‍රී ලාංකි­ක­යන්  බවත්,  ඒ සියලු දෙනාට ගැල­පෙන ආකා­ර­යට හැම පුර­වැ­සි­යෙ­කු­ටම සේවය ලැබෙන්නේ කුම­නා­කා­ර­යෙන්ද යන්න විමසා බැලී­මයි.  

පාර්ලි­මේ­න්තු­වෙන් කරන කාර්ය­ය­භා­රය, පළා­ත්සභා නගර සභා පළාත් පාලන ආය­ත­න­ව­ලට අයිති කාර්යය භාරය කිරී­මට අව­ශ්‍යයි. ඒ අදාළ කාර්ය­ය­භා­රය කිරී­මට ප්‍රති­පා­දන තිබිය යුතුයි.

මුලි­කව ඒ කාර්යය සදහා  ප්‍රති­පා­දන ලබා දිය­යු­තුයි. මැති­ව­රණ තියලා  නියෝ­ජි­ත­යන් පත් කරලා  ඒ මහ­ජන නියෝ­ජි­ත­යන් නඩත්තු කරලා වැඩක් නැහැ, ඒ නියෝ­ජි­ත­යන් හරහා අදාළ කාර්යය ඉටු­විය යුතුයි. බල­තල ක්‍රියා­ත්මක කිරී­මට ප්‍රති­පා­දන අවශ්‍ය යි. අර­මු­ණක් වෙනු­වෙන් යමක්  කරන්න ඕන.

 

අලුත් පන­තින් කුඩා පක්ෂ අක­ර්මන්‍ය වනවා

පෙර­ටු­ගාමී සමා­ජ­වාදී පක්ෂයේ ප්‍රචා­රක ලේකම් දුමින්ද නාග­මුව

මැති­ව­රණ ක්‍රමය සම්බ­න්ධ­යෙන් කෙරෙන සාක­චඡා වලදී  දක්නට ලැබෙන කාර­ණා­වක් තමයි යම් මට්ට­මක හෝ නියෝ­ජ­න­යක් සැක­සී­මක් ඇත්නම්,  විවිධ මත­වා­ද­යක්  තිබේ නම් ඒ  මත­වා­ද­ව­ලට ඉඩ නොදී මඟ අහු­රණ යෝජ­නා­වන් ගෙන ඒම.  

දැනට තියෙන නිර්නා­යක අනුව ප්‍රධාන පක්ෂ දෙකට පම­ණයි මෙයින් වාසි සැල­සෙන්නේ. ඉතුරු දේශ­පා­ලන පක්ෂ අක­ර්මන්‍ය කරන ආකා­ර­ය­ටයි මේ අලුත් පනත සකස් කර තියෙන්නේ. 

පළාත් සභා සම්බ­න්ධ­යෙන් සාකච්ජා මූලික වශ­යෙන් ගත් විට සමා­නු­ප­තික සහ කේවල ක්‍රමය යන ක්‍රම­ය­න්ගෙන්  පැන­නැ­ගු­ණත් ඒක අත්හි­ටු­වන්න සිදු­වුණේ සීමා­නි­ර්ණය සාධා­රණ විදි­හට සිදු­නො­වුණ නිසයි. දෙවැනි කාර­ණාව පහු­ගිය යහ­පා­ලන ආණ්ඩු­වට  මැති­ව­රණ නොතියා ඉන්න  වුව­ම­නා­වක් තිබුණා. ඒ නිසා මැති­ව­රණ වළක්වා ගන්නයි ඒ අයට වුව­මනා වුණේ. 

පළාත් සභා ගැන යෝජනා දෙකක් තිය­නවා පළාත් සභා අහෝසි කිරීම සහ පරණ ක්‍රම­යට මැති­ව­ර­ණ­යක් පව­ත්වන්ට අව­ශ්‍යයි කියන  කාර­ණාව. අලුත් ක්‍රම­යට තියෙ­නවා ද කිය­ලත් මත ගොඩ­නැඟී තියෙ­නවා.  මේ කුමන මත­වා­දය ජය­ග්‍ර­හ­ණය කළත් පළාත් සභා කියන්නේ අර්බු­ද­ය­කට විස­ඳු­මක් ලෙස ගෙන ආ දේශ­පා­ලන ව්‍යුහ­යක්. ඒ අර්බු­ද­යට විස­ඳු­මක් නිසි ලෙස නොලැ­බුණා වගේම පළාත් සභා අති­වි­ශාල විය­ද­මක් බවට පත් වුණා විත­රයි. 

විශාල පුන­රා­ව­ර්තන විය­ද­මක් සහි­තව පව­ත්වා­ගෙන ගිය පළාත් සභා අහෝසි වුණොත් උතුරු නැඟෙ­න­හිර  ජන­තා­වගේ ජාති­ක­ත්වය නියෝ­ජ­නය  නැති­වීම සම්බ­න්ධ­යෙන් යම් කිසි අර්බු­ද­යක් මතු විය­හැ­කියි.   ඔවුන්ගේ යම් ආය­ත­න­යක් වේ නම් ඒ ආය­තන දුර්වල වුණා කියන දේශ­පා­ලන සංඥාව උතුරු නැඟෙ­න­හි­රින් ඇති­විය හැකියි. 

කෙසේ වෙතත් මහ­ජ­න­තා­වට තමන්ගේ සාධා­රණ නියෝ­ජ­න­යන් ශක්ති­මත් වන ව්‍යුහ­යක් අව­ශ්‍යයි. එහි එක ව්‍යුහ­යක් පළාත් පාලන ආය­තන වන අතර  අනෙත් ව්‍යුහය පාර්ලි­මේ­න්තුව විය යුතුයි. එහි අත­ර­මැද දිස්ත්‍රික් පළාත් සභා ව්‍යුහ­යක් අවශ්‍ය බවට මහ­ජ­න­තා­වගේ මත­යක් ගොඩ­නැඟී තියෙ­නවා.  අපි කුමන මත­වාද ඉදි­රි­පත් කළත් සමා­නු­පා­තික ද කේව­ලද මිශ්‍ර ද මැති­ව­රණ ක්‍රම­ය­න්ගෙන් කුමන  එකද  කියලා අව­සා­න­යේදී එය තීර­ණය කරන්නේ ආණ්ඩු­වයි. ඒ තමන්ගේ මත­වා­දය ජය­ග්‍ර­හ­ණය බලය ශක්ති­මත් කිරීම උදෙ­සායි.  

තුනෙන් දෙකක බලය තියන නිසා කුමක් වුවත් ඔවුන්ට කළ හැකියි. මේ මැති­ව­ර­ණය කෙසේ කළ යුතු­යිද කියන සංවා­ද­යට අපි එකතු වුණත් මැති­ව­ර­ණය අව­සන් වන්නේ මහ­ජන හිත­වාදී ලෙසින් නෙමෙයි.  ඉන්න පාල­ක­යන් ශක්ති­මත් කිරී­ම­ටයි මෙය ගෙන එන්නේ .

 

 

කුමන ක්‍රම­යෙන් හෝ ඡන්දය ඕනෑ

 ජාතික ජන­ බ­ල­වේ­ගයේ  පාර්ලි­මේන්තු මන්ත්‍රී විජිත හේරත්

කුමන ක්‍රම­යට හෝ පළාත් සභා ඡන්දය පව­ත්ව­නවා නම් . ඒ   පැවැ­ත්වී­මේදී දේශ­පා­ලන පක්ෂ­යක් හැටි­යට අදාළ මැදි­හ­ත්වීම  අපේ පැත්තෙන් සිදු­වෙ­නවා. පළාත් සභා ඡන්දය කල් දැමීම පිළි­බ­ඳව අපි විරුද්ධ වුණා.  

අලුත් ක්‍රම­යෙන් මැති­ව­රණ පැවැ­ත්වීම ප්‍රමාද වන්නේ නම් පැවැති ඡන්ද ක්‍රම­යට හෝ ඡන්දය පව­ත්වන්න කියන තර්කය අප දිගින් දිග­ටම ගොඩ­නැ­ඟුවා. 

පළාත් සභා ක්‍රම­යක් දැනට සම්මත වෙලා තියෙ­නවා. ආණ්ඩුව කිය­නවා නම් ඒ ක්‍රමය වෙනස් කරලා පරණ එකට යනවා කියලා, ඒ ගැන අපේ වාද විවාද නැහැ,  කුමන  ක්‍රම­යට හෝ මැති­ව­ර­ණය  පැවැ­ත්වී­මයි අපේ ඉල්ලීම වන්නේ. 

ආණ්ඩු­වේම සම­හර අය කිය­නවා පළාත් සභා වෙනස් කළ යුතුයි කියන කාර­ණාව. 

මැති­ව­රණ පනත සංශෝ­ධ­නය කිරීම හදි­සියේ කරන්න පුළු­වන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඡන්දය අලුත් ක්‍රම­යට හෝ පරණ ක්‍රම­යට පැවැ­ත්විය යුතුයි. 

අලුත් ක්‍රම­යට යනවා නම් සීමා නිර්ණ, කොමි­ෂන් සභාවේ සම්මත කරන්න ඕන. 

එය ඉක්ම­නින් කරන්න බැහැ කොමි­ෂන් සභා වාර්තා ගැටලු තියෙ­නවා කියලා පාර්ලි­මේ­න්තුවේ කිසිම මන්ත්‍රී­ව­ර­යෙක් ඡන්දෙ දුන්නෙ නැහැ. පනත ගෙනාපු  ඇම­ති­ව­ර­යා­වත් ඡන්දෙ දුන්නෙ නැහැ. 

ඒ නිසා සමා­නු­පා­තික ක්‍රම­යට හෝ මැති­ව­ර­ණ­යට යන එකයි  කළ යුතු වන්නේ.  

පක්ෂ­යක් ලෙස අනි­වා­ර්යෙන් ඡන්දෙට අපි සූදා­නම්. අපි ඡන්දෙට ඉදි­රි­පත් වෙනවා. ජන්ද ක්‍රමය සම්බන්ධ  වාද කර කර හිටි­යොත් පළාත් සභා මැති­ව­ර­ණය යළිත් කල් යාමයි සිද්ධ වෙන්නේ. 

ඒ නිසා වාද කර කර ඉන්න­වට වඩා පරණ ක්‍රම­යට ඡන්දෙ පව­ත්වන එක හොදයි. 

සීමා නිර්ණය සම්මත  කරන්න, පනට පනහ  සභි­ක­යන් නියෝ­ජ­නය වෙනස් කරන්න ගියාම කල් ගත­වෙ­නවා . ඒ නිසා නව මැති­ව­රණ ක්‍රම­යට වඩා ඒ සම්බ­න්ධව වඩා පුරුදු  ක්‍රම­යට යාම ගැටලු අවම කර­ගෙන මැති­ව­ර­ණ­ය­කට යන්න පුළු­වන්. 

ආණ්ඩුවේ ස්ථාව­රය කුමක්ද? ඒ සියලු ස්ථාව­ර­යන්ට අනුව මැති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වී­මට පක්ෂ­යක් ලෙස  අපි සූදා­නම්.

 

බලය විමධ්‍යගත කිරීම ඉතා වැදගත්

එක්සත් සමා­ජ­වාදී පක්ෂයේ නායක සිරි­තුංග ජය­සූ­රිය

පළාත් සභා මැති­ව­ර­ණය අනි­වා­ර්යෙන්ම පැවැ­ත්විය යුතුයි. වඩා හොඳ මැති­ව­රණ ක්‍රම­යක් යටතේ පව­ත්ව­න්නයි පසු­ගිය රජය සංශෝ­ධන ගෙනාවේ. නමුත් කෙසේ හෝ පළාත් සභා කල් දැමුණා. නිසි  ක්‍රම­වේ­ද­යක්  නැතුව මැති­ව­ර­ණය  අත­ර­මැද නතර වෙලා  තියෙන්නෙ. 

අපි කියන්නේ පළාත් සභා පැවැ­ත්විය යුතුයි කියන කාර­ණාව පම­ණයි. පළාත් සභා විශාල අර­ග­ල­යක් කර ලබා ගත්ත දේශ­පා­ලන ව්‍යුහ­යක්. 

විශේ­ෂ­යෙන්ම සුළු ජාතීන්ට ලැබුණු අයි­ති­යක්. ඒ නිසා කුමන ක්‍රම­ය­කට හෝ පළාත් සභා පැවැ­ත්විය යුතුයි.  ඇතැම් පළා­ත්වල, විශේ­ෂ­යෙන් දකුණේ ආවේ­ණික විරෝ­ධ­තා­ව­යක් තියෙ­නවා පළාත් සභා කියන්නේ සුදු අලි­යෙක් කියල. පළාත් සභා­ව­ලින් වෙච්ච දෙයක් නැහැ කිය­නවා.  පළාත් සභා නඩ­ත්තු­වට විශාල මුද­ලක් වෙන් කරන්න වෙනවා කිය­නවා. ඇතැම් අය  තර්ක කර­නවා. 

අවු­රුදු දෙකක් තුනක් තිස්සේ පළාත් සභා නැතුව මේ රට කර­ගෙන ගියා කියලා.  

පාර්ලි­මේ­න්තු­වක් නැතුව මාස 5ක් ඔක්කොම වැඩ කර­ගෙන ගියා නේ.  මොක­ටද පාර්ලි­මේ­න්තු­වක් පත් කරන්නේ කියලා  තර්ක­යක් ගොඩ නඟ­න්නත් පුළු­වන්.  පොඩි පොඩි විවේ­චන තිබුණ තමයි ඒ මාස පහ ගැන නමුත් රට හොඳට පව­ත්වා­ගෙන ගියානේ.   ඉති­හා­සයේ පළ­වෙනි වතා­වට පාර්ලි­මේ­න්තු­වක් නැතුව මේ රට පව­ත්වා­ගෙන ගියේ. 1948න් පස්සෙ. 

තව කෙනෙ­කුට තර්ක කරන්න පුළු­වන් ජනා­ධි­පති කෙනෙක් විත­රක් හිටියා ම ඇති කියලා.  මේ ඔක්කොම පද­නම් විර­හිත තර්ක. 

මම හිතන්නේ කිසිම හේතු සහ­ති­ක­යක් නැතුව තමන්ගේ මනෝ­මූල  සාධක මත ගොඩ­නඟා ගත්තු තර්ක. පළාත් සභා ක්‍රම­යට විරු­ද්ධව අන්ත­වාදී ජන­කො­ට­සක් මේ රටේ ඉන්නවා. 

ඒ අය මේ රට ඉදි­රි­යට ගෙන යන්න සූදා­නම් කට්ටිය නෙමෙයි. 

බලය විම­ධ්‍ය­ගත කිරීම ඉතා වැද­ගත් කාර­ණා­වක්. ඉදි­රි­යට තියපු අඩිය  ක්‍රියා­ත්මක කළ යුතුයි කියන කාර­ණාව තමයි අපි මතු කරන්නේ  පළාත් සභා ඉක්ම­නින් පැවැ­ත්විය යුතුයි.

Comments