මඟුල් මඩු­වේදී ජනතා සේව­යට ප්‍රතිඥා දුන් නව ඇමති මණ්ඩ­ලය | සිළුමිණ

මඟුල් මඩු­වේදී ජනතා සේව­යට ප්‍රතිඥා දුන් නව ඇමති මණ්ඩ­ලය

ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලි­මේ­න්තුවේ ඇමති මණ්ඩ­ලය ඉකුත් බදාදා මහ­නු­වර ශ්‍රී දළදා මාළි­ගාවේ මඟුල් මඩු­වේදී දිවු­රුම් දී තන­තුරු බාර ගත්හ. අමා­ත්‍යාංශ 28ක් වෙනු­වෙන් අමා­ත්‍ය­වරු 26 දෙනෙකු දිවු­රුම් දුන් අතර ඊට අම­ත­රව එකී අමා­ත්‍යාංශ 28 සඳහා රාජ්‍ය අමා­ත්‍ය­වරු ලෙස තවත් 39 දෙනෙකු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ඉදි­රියේ දිවු­රුම් දුන්හ. මේ අනුව 9 වැනි පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­වරු 225න් 66 දෙනෙ­කුම අමා­ත්‍ය­ව­රුන්ය. ඊට අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන්ද අයත්ය. ප්‍රති­ශ­ත­යක් ලෙස ගත් කල එය සිය­යට 29.7 කි.

මෙවර අමාත්‍ය මණ්ඩයේ පැරණි මුහුණු තර­ම­ටම අලුත් මුහු­ණුද එක්ව තිබීම විශේ­ෂ­ත්ව­යකි. ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ජනා­ධි­ප­ති­ව­රයා යට­තට පත් කර ඇති අතර මුදල්, බුද්ධ­ශා­සන ආග­මික කට­යුතු හා සංස්කෘ­තික, නාග­රික සංව­ර්ධන හා නිවාස යන අමා­ත්‍යාං­ශ­යන්හි අමා­ත්‍ය­ව­රයා ලෙස අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා දිවු­රුම් දුන්නේය.

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ බාර­කාර රජයේ අමාත්‍ය ධුර දැරූ සියලු දෙනා­ටම මෙව­රද අමාත්‍ය ධුර හිමිව ඇති අතර එයින් ධීවර, විදේශ, මහ මාර්ග, සෞඛ්‍යය, වැවිලි, සංචා­රක හා කර්මාන්ත යන අමා­ත්‍යාංශ බාර­කාර ආණ්ඩුවේ එම විෂ­ය­යන් බාරව සිටි අමා­ත්‍ය­ව­රු­න්ටම හිමිව ඇති නමුත් සෙසු අමා­ත්‍ය­ධු­ර­වල විෂ­ය­යන් වෙනස් කර ඇත.

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා යටතේ ඉතා කෙටි කාල­යක් රාජ්‍ය අමාත්‍ය ධුර ඉසිලු කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, වාසු­දේව නානා­ය­ක්කාර යන අයට මෙවර අමාත්‍ය ධුර හිමිව ඇත. එමෙන්ම මහ­චාර්ය ජී.එල්.පීරිස්, සී.බී.රත්නා­යක, ගාමිණි ලොකුගේ, උදය ප්‍රභාත් ගම්ම­න්පිල, රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන යන අයද මෙවර කැබි­නට් මණ්ඩ­ල­යට ඇතු­ළත්ය. මේ දක්වා පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී ධුර­යක් පම­ණක් ඉසිලු නාමල් රාජ­ප­ක්ෂට මෙවර තරුණ කට­යුතු හා ක්‍රීඩා අමා­ත්‍යාං­ශය පවරා දී තිබී­මද විශේ­ෂ­ත්ව­යකි.

ප්‍රථම වතා­වට දේශ­පා­ලන කර­ලි­යට පැමිණ ජාතික ලැයි­ස්තු­වෙන් මන්ත්‍රී ධුර­යක් හිමි කර­ගත් ජනා­ධි­පති නීතීඥ අලි සබ්රිට අධි­ක­රණ අමාත්‍ය ධුරය පිරි­නැ­මී­මද ජන­තා­වගේ කකා­බ­හට ලක්ව ඇත. කැබි­නට් අමාත්‍ය ධුර­යක් අපේක්ෂා කළ ජනා­ධි­පති නීතීඥ විජේ­දාස රාජ­ප­ක්ෂට අධ්‍යා­පන අමා­ත්‍යං­ශය යටතේ රාජ්‍ය අමාත්‍ය ධුර­යක් පිරි­නැ­මී­මට සුදා­නම් කර තිබු­ණත් ඒ බව දැන ගත් ඔහු අමාත්‍ය ධුර පිරි­නැ­මීමේ උත්සව­යද වර්ජ­නය කර තිබුණි. මේ නිසා රාජ්‍ය අමාත්‍ය ධුර 40 ක් පිරි­නැ­මී­මට සුදා­නම් කර තිබු­ණත් රාජ්‍ය අමාත්‍ය ධුර­වල දිවු­රුම් දී ඇත්තේ 39 දෙනෙකු පමණි. ශ්‍රීල­නිප සභා­පති මෙන්ම හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මෙවර මැති­ව­ර­ණ­යේදී පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ වැඩිම මනාප ලබා ගත්තද ඔහු­ටද අමාත්‍ය ධුර­යක් අහිමි වීම දැඩි කතා­බ­හට ලක්ව ඇති මාතෘ­කා­වකි.

එමෙන්ම සුසිල් ප්‍රේම­ජ­යන්ත්, අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, ඩිලාන් පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨ­යන් කිහිප දෙනෙ­කු­ටද මෙවර ඇමති ධුර අහිමි වී ඇත. මේ අතර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව ජය­ගත් හා ජාතික ලැයි­ස්තුව නියෝ­ජ­නය කර­මින් මන්ත්‍රී ධුර හිමි කර­ගත් විය­ත්මඟ කණ්ඩා­යමේ අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩ­හේවා, චන්න ජය­සු­මන, විශේ­ෂඥ වෛද්‍ය සීතා අර­ඹේ­පොල පාර්ලි­මේ­න්තු­වට යන ප්‍රථම වතා­වේම රාජ්‍ය අමාත්‍ය ධුර හිමිව තිබී­මද විශේ­ෂය.

මෙවර අමාත්‍ය ධුර සඳහා විෂ­ය­යන් බෙදා දීම තුළ පාර්ලි­මේන්තු ඉති­හා­සයේ මෙතෙක් දක්නට නොලැ­බුණ විශේ­ෂ­ත්ව­යක් තිබේ.

කැබි­නට් අමා­ත්‍යාංශ බොහෝ­ම­යක් එක වච­න­ය­කට සීමා වී තිබේ. කෘෂි­කර්ම, විදේශ, ජන­මාධ්‍ය ආදි අමා­ත්‍යාංශ ඊට උදා­හ­ර­ණය. එමෙන්ම රාජ්‍ය අමා­ත්‍යාංශ සඳහා ඉල­ක්ක­ය­ටම වග­කීම් පවරා තිබී­මද සුවි­ශේ­ෂීය. මීට පෙර අප­න­යන කෘෂි බෝග ලෙස හැඳින්වූ අමා­ත්‍යං­ශය මෙවර බුලත්, කරාබු නැටි, කරුංකා ආදී වශ­යෙන් නිශ්චි­තව සඳ­හන් කර වග­කීම් පවරා දී තිබීම නිසා කිසි­ව­කු­ටත් ස්වකීය වග­කී­ම්ව­ලින් ලිස්සා යා නොහැකි වී ඇත.

ඉකුත් 2019 නොවැ­ම්බර් මස පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කළ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එව­කට පැවැති යහ­පා­ලන රජය විසු­රුවා හැර බාර­කාර රජ­යක් පත්ක­රනු ලැබුවේ ඇම­ති­වරු 16 දෙනෙකු සම­ඟය. ඒ අනුව මෙරට අතීත රජ­යන් හා සැස­දී­මේදී අඩුම අමාත්‍ය මණ්ඩ­ලය සහිත රජ­යන්ගේ සය­වන තැන හිමි­වන්නේ ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ගේ බාර­කාර රජ­ය­ටය. මෙරට අඩුම ඇමති මණ්ඩ­ලය සහිත ආණ්ඩුව ලෙස දේශ­පා­ලන ඉති­හා­සයේ සඳ­හන් වන්නේ 1960 මාර්තු මාසයේ පැවැති මැති­ව­ර­ණ­යෙන් පසුව පිහි­ටුවා ගත් එජාප ආණ්ඩු­වයි. එහි ඇමති මණ්ඩ­ලය අට දෙනෙ­කුට සීමා වූ අතර රජයේ කාල­සී­මා­වද දින තිහ­කට සීමා විය.

ප්‍රථම වතා­වට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය තරග කළ 1952 මැයි මාසයේ 24,26,28,හා 30 යන දින­වල පැවැති මහ මැති­ව­ර­ණ­යෙන් ද එජා­පය මන්ත්‍රී ආසන 54ක් දිනා ගෙන ආණ්ඩු­වක් පිහිටු වීමට සමත්ව තිබුණි. එදා ශ්‍රීල­නි­ප­යට දිනා ගත හැකිව තිබුණේ මන්ත්‍රී ආසන 9 ක් පමණි. එකී රජයේ අමා­ත්‍ය­වරු සංඛ්‍යාව 14 කට සීමා විය.

1956 අප්‍රේල් මස 5,7,හා 10 යන දින­වල පැවැති මහ මැති­ව­ර­ණ­යෙන් මහ­ජන එක්සත් පෙර­මුණ මන්ත්‍රී ආසන 51ක් දිනා ගෙන ආණ්ඩු­වක් පිහි­ටුවා ගත්තේය. මෙම රජයේ අග­මැ­ති­ව­රයා ලෙස එස්.ඩබි­ලිව්. ආර්.ඩී.බණ්ඩා­ර­නා­යක වූ අතර අමාත්‍ය මණ්ඩ­ලය 13 දෙනෙ­කුට සීමා කර විය. එම රජය යට­තේද උප ඇම­ති­වරු 13 දෙනෙකු පත්විය.

1960 මාර්තු 19 වැනිදා පැවැති පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යෙන් එජා­පය මන්ත්‍රී ආසන 50ක් දිනා ගෙන වැඩිම ආසන දිනා ගත් පක්ෂය බවට පත් විය. මෙම මැති­ව­ර­ණ­යට තරග කළ ශ්‍රීල­නි­පය ඇතුළු තවත් දේශ­පා­ලන පක්ෂ 12ක් මන්ත්‍රී ආසන 101ක් දිනා ගෙන තිබුණි. එම රජයේ අමාත්‍ය මණ්ඩ­ලය අට දෙනෙ­කුට සීමා වීමද විශේෂ වන අතර මෙරට අඩුම අමා­ත්‍ය­ව­රු­න්ගෙන් යුත් ආණ්ඩුව ලෙස මෙම ආණ්ඩුව දේශ­පා­ලන ඉති­හා­ස­යට එක්ව ඇත.

රජා­සන කතාව සඳහා පැවැති ඡන්ද විම­සී­මේදී ආණ්ඩුව පරා­ජ­යට පත්වීම නිසා ශ්‍රී ලංකා ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව එම ආණ්ඩු­වට තව දුර­ටත් බලයේ සීටි­මට නොහැකි විය.

ඒ අනුව දින තිහ­කට සීමා වූ එම ආණ්ඩුව විසි­ර­වී­මට සිදු වූ හෙයින් 1960 ජූලි 20 වැනිදා නැවත පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීය.

එහිදී මන්ත්‍රී ආසන 75ක් ජය ගත් ශ්‍රීල­නි­පය ලෝක ඉති­හා­සයේ ප්‍රථම අග­මැ­ති­ව­රිය ලෙස සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­ණිය පත්කර ගත්තේය. එම ආණ්ඩුවේ වසර හත­ර­හ­මා­රක කාලය තුළ මුදල් අමා­ත්‍ය­වරු පස් දෙනෙකු පත්වී­මද විශේ­ෂය.

1965 මාර්තු 22 වැනිදා පැවැති මහ මැති­ව­ර­ණ­යෙන් එජා­පය මන්ත්‍රී ආසන 66ක් දිනා ගත් අතර ශ්‍රීල­නි­පය ඇතුළු සෙසු පක්ෂ නව­යක් විසින් මන්ත්‍රී ආසන 85ක් දිනා ගෙන තිබුණි. එසේ වුවද ඩඩ්ලි සේනා­නා­යක මහතා අග­මැ­ති­ව­රයා ලෙස දිවු­රුම් දී ඔහුගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජාතික රජ­යක් පිහි­ටුවා ගනු ලැබීය. එකී රජයේ ප්‍රථම වතා­වට රාජ්‍ය ආර­ක්ෂක හා විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යට අම­ත­රව ආර්ථික හා ක්‍රම සම්පා­දන අමා­ත්‍යාං­ශ­යද අග­මැ­ති­ව­රයා යට­තට පත් කර ගැණින. ඒ අනුව එකී රජයේ අමාත්‍ය මණ්ඩ­ලය 17 දෙනෙ­කුට සීමා වූ අතර උප ඇමති තන­තුරු 17ක් සඳහා ද මන්ත්‍රී­වරු පත් කර ගෙන තිබුණි. 1965 සිට 1970 දක්වා වසර පහක පූර්ණ කාලය ආණ්ඩුව පවත්වා ගැනී­මට එජා­පය ප්‍රමුඛ ජාතික ආණ්ඩුව සමත් වූ අතර මෙකී කාලය තුළ අතුරු මැති­ව­රණ 15ක් පැවැ­ත්වී­ම­ටද එම ආණ්ඩු­වට සිදු විය.

1970 මැයි 27 වැනිදා පැවැති පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යෙන් මන්ත්‍රී ආසන 91ක් දිනා ගත් ශ්‍රීල­නි­පය සමඟි පෙර­මුණ ආණ්ඩු­වක් පිහි­ටුවා ගත්තේය. එම රජයේ අමාත්‍ය මණ්ඩ­ල­යට 21ක් පත්වූ අතර ඊට අම­ත­රව නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රුන් 18ක් දිවු­රුම් දුන්නේය. 1977 ජූලි 21 දා පැවැති මැති­ව­ර­ණ­යෙන් එජා­පය මන්ත්‍රී ආසන 140ක් දිනා ගනි­මින් පිහි­ටවූ ආණ්ඩුවේ අග­මැ­ති­ව­රයා ලෙස වැඩ බාර ගත් ජේ. ආර්. ජය­ව­ර්ධ­න­යන් එතෙක් සැම අග­මැ­ති­ව­ර­යකු යට­තට ගත් විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය අත­හැර ආර­ක්ෂක ආර්ථික කට­යුතු හා සැල­සුම් ක්‍රියා­ත්මක කිරීමේ අමා­ත්‍යාං­ශ­යන් තමා යටතේ තබා ගෙන 23 දෙනෙ­කු­ගෙන් යුත් අමාත්‍ය මණ්ඩ­ල­යක් පත් කර­ග­ත්තේය.

නියෝජ්‍ය අමා­ත්‍ය­වරු සංඛ්‍යා­වද 26 ක් දක්වා වැඩිවූ මෙම ආණ්ඩුව යටතේ ප්‍රථම වතා­වට දිසා­ඇ­ම­ති­ව­රුන් ලෙස තවත් 24දෙනෙකු පත් කර­ග­ත්තේය. එමෙන්ම 1978 පෙබ­ර­වාරි 04දා විධා­යක ජනා­ධි­පති ලෙස වැඩ පටන් ගත් ජේ. ආර්. ජය­ව­ර්ධන 1978 ජූලි 25 වනදා පාර්ලි­මේ­න්තු­වට නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් ඉදි­රි­පත් කර එය ඡන්ද 147කින් සම්මත කර ගත්තේය.

නව ව්‍යව­ස්ථාව අනුව අනු­පා­තික ඡන්ද ක්‍රම­යක් ක්‍රියා­ත්මක වූ අතර සැම දිස්ත්‍රි­ක්ක­යක්ම ඡන්ද කොට්ඨා­ස­යක් ලෙස සල­කනු ලැබිණ.

පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ක් දක්වා වැඩි කෙරිණි. දිස්ත්‍රික් පද­නම මත මන්ත්‍රී­වරු 196ක් හා මැති­ව­ර­ණ­යේදී ඒ ඒ දේශ­පා­ලන පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමා­ණය පද­නම් කර ගෙන ප්‍රසාද මන්ත්‍රී ආසන 29 ක් සමඟ පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 225ක් වන සේ සකස් කර­ගෙන තිබුණි. ඒ අනුව 1989 පැවති ප්‍රථම සමා­නු­පා­තික මැති­ව­ර­ණ­යෙන් එජා­පය ජය ගත් අතර දෙවන විධා­යක ජනා­ධි­පති ලෙස ආර්.ප්‍රේම­දාස මහතා දිවු­රුම් දී ආර­ක්ෂක ප්‍රති­පත්ති සම්පා­දන හා බුද්ධ­ශා­සන යන අමා­ත්‍යාං­ශ­යන් තමන් යටතේ තබා­ගෙන 22 දෙනෙ­කු­ගෙන් සම­න්විත අමාත්‍ය මණ්ඩ­ල­යක් පත්කර ගත්තේය. මීට අම­ත­රව රාජ්‍ය අමා­ත්‍ය­වරු 50 ක් හා කැබි­නට් නොවන අමා­ත්‍ය­වරු 23ක්ද පත්කර ගත්තේය. මෙරට පාර්ලි­මේන්තු ඉති­හා­සයේ වැඩිම අමා­ත්‍ය­ව­රුන් පිරි­සක් ප්‍රථම වතා­වට පත් වූයේ 2000 වසරේ පිහි­ටු­වනු ලැබු චන්ද්‍රිකා කුමා­ර­තුංග රජ­යේය. එම සංඛ්‍යාව 44ක් වූ අතර ඊට අම­ත­රව නියෝජ්‍ය අමා­ත්‍ය­වරු ලෙස තවත් 35දෙනෙ­කුද පත්විය. එම ආණ්ඩුව වස­ර­කට සීමා විය.

නැවත 2001 ජනතා විමුක්ති පෙර­මුණ සමඟ පරි­වාස ආණ්ඩු­වක් හදා­ගත් චන්ද්‍රිකා එම රජය සඳහා විසි දෙනෙ­කු­ගෙන් යුත් කැබි­නට් මණ්ඩ­ල­යක් හා විසි දෙනෙ­කු­ගෙන් යුත් නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩ­ල­යක්ද පත් කර ගැණින. පරි­වාස ආණ්ඩු­වට වස­ර­ක්වත් පාලන බලය පවත්වා ගත නොහැ­කිව 2001 දෙසැ­ම්බර් 05 දා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට සිදු­විය. එහිදී ජය­ගත් එක්සත් ජාතික පෙර­මුණ අමාත්‍ය මණ්ඩ­ලය 25ක්ද කැබි­නට් නොවන අමා­ත්‍ය­වරු 27ක්ද නියෝජ්‍ය අමා­ත්‍ය­වරු 9ක්ද පත්විය. 2004 පැවැති මහ මැති­ව­ර­ණ­යෙන් ජය­ගෙන පත්වූ මහින්ද රාජ­පක්ෂ රජයේ අමාත්‍ය මණ්ඩ­ලය 35 ක් වූ අතර නියෝජ්‍ය අමා­ත්‍ය­වරු 35ක් පත්විය. 2005 වසරේ පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහින්ද රාජ­පක්ෂ මහතා ජය­ග්‍ර­හ­ණය කිරී­මෙන් පසු 37 දෙනෙ­කු­ගෙන් යුත් අමාත්‍ය මණ්ඩ­ල­යක් හා නියෝජ්‍ය අමා­ත්‍ය­වරු 39ක් පත්කර ගැනිණ.2010 පැවැති මහ මැති­ව­ර­ණ­යෙන් නැවත වතා­වක් එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය ජය­ග්‍ර­හ­ණය කළ අතර එම රජයේ අමාත්‍ය ධුර 37ක් සහ නියෝජ්‍ය අමා­ත්‍ය­වරු 39ක් විය.

2015 පැවැති මහ මැති­ව­ර­ණ­යේදී එක්සත් ජාතික පක්ෂය ජය­ග්‍ර­හ­ණය කර ශ්‍රීල­නි­පය සමඟ එක්ව යහ­පා­ලන ආණ්ඩුව පිහි­ටු­වනු ලැබීය.

අග­මැති ලෙස රනිල් වික්‍ර­ම­සිංහ පත්වී 47 දෙනෙ­කු­ගෙන් යුත් අමාත්‍ය මණ්ඩ­ල­යක් පත් කර ගත්තේය.

ඊට අම­ත­රව රාජ්‍ය අමා­ත්‍ය­වරු 19 ක් හා නියෝජ්‍ය අමා­ත්‍ය­වරු 21ක්ද පත් කර ගත්තේය.

2019 පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජය­ග්‍ර­හ­ණය කිරීම නිසා එතෙක් 47ක්ව පැවති අමාත්‍ය මණ්ඩ­ලය 16 දක්වා අඩු­විය. ඉකුත් 8 දා පැවැති මහ මැති­ව­ර­ණ­යෙන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ජය ගෙන අග­මැති ලෙස මහින්ද රාජ­ප­ක්ෂ­යන් පත් වූ අතර අමා­ත්‍යාංශ 28ක් සඳහා අමා­ත්‍ය­වරු 26 දෙනෙකු හා ඒ අමා­ත්‍ය­වරු සමඟ වැඩ කිරී­මට රාජ්‍ය අමා­ත්‍ය­වරු 39ක් පත්කි­රීම විද්‍යා­නු­කූ­ලව සිදු­කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.

Comments