දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි | සිළුමිණ

දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මෙනවිය සඳහන් කළේ, ඌව පළාතේ ඇතැම් ස්ථානවලට සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ය.

මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකිය.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකිවේ.

ඒ පිළිබඳව ධීවර හා නාවුක ප්‍රජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

 

 

 

 
 

Comments