දැනට ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 25ක් | සිළුමිණ

දැනට ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 25ක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම උදෑසන 7.00 ට ආරම්භ විය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ  මෙවර ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති.

මේ අතර අද පෙරවරු 10 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙසේ ය.

කෙසේ වෙතත් දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරුන් සඳහන් කර සිටින්නේ, මේ දක්වා සීයයට 20-25ත් අතර ප්‍රමාණයක්‌ ඡන්දය ප්‍රකාශය කර ඇති බවයි.

මේ වන විට ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයේ 25%, මාතලේ දිස්ත්‍රික්කයේ 25%, දිගාමඩුල්ල සීයයට 6%, කුරුණෑගල සීයයට 25%, මහනුවර 25%, යාපනය සහ ගාල්ල 20%, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල 23%ක් හා පුත්තලම 16% ක් බවයි දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරුන් ප්‍රකාශ කර සිටින්නේ.

මේ වන විට බොහෝ ජන්ද මධ්‍යස්ථානවල ජන්දය ප්‍රකාශ කිරිම සාමකාමිව සිදුවෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

Comments