
මැතිවරණ රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 69,000ක් යොදවා තිබේ.
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ මැතිවරණ කටයුතුවලට අදාළව පොලිස් ජංගම මුර සංචාර ඊයේ (03) සිට ආරම්භ කෙරුණු බවය.
පොලිස් ජංගම මුර සංචාර 3,069ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
පොලිස් නිලධාරීන්ට අමතරව මැතිවරණ රාජකාරි සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,500 දෙනෙකු ද යොදවා තිබේ.