
විදෙස්ගතව පැමිණි තවත් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
එක් ආසාදිතයෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇත.
ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2814ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ පුද්ගලයින් 16 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 2333ක් දක්වා වැඩි වී තිබේ.
පුද්ගලයින් 470ක් වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් රෝහල්ගතව සිටියි.