දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් | සිළුමිණ

දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ ඉතා ඉහල අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු අඟවා සිටී.

මේ වනවිට මෙරට බොහෝ පිරිස් , කොරෝනා වසංගතය අමතක කරමින් කටයුතු කරන බවත් එම තත්වය මත රට තුල යලි කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානමක් ඇති බවත් ඔහු අද දින මාධ්‍ය වෙත පැවසීය .

මෙම අනතුරින් මිදීමට නම් , කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශන සීමාවන් අනුව ජනතාව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවද ජාසිංහ පැවසීය.

Comments