ආසාදිතයින් 46ක් සුවය ලබයි | සිළුමිණ

ආසාදිතයින් 46ක් සුවය ලබයි

අද (12) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 46 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1196 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1877 දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඊයේ (11) දිනයේ හඳුනා ගත් ආසාදිතයින් අට දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි.

ඔවුන්ගෙන් ඉයක්කච්චි , මුලතිව් සහ විදත්තපලෙයි නිරෝධයන මධ්‍යස්ථානවල නිරෝධායනය සඳහා යොමුකර සිටි පිරිසක්.

ඒ අනුව මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 882 ක්.

ඔවුන් අතරින් තවත් 07 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 657 ක්.

මේ අතර පුද්ගලයින් 670 ක් අද වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටියි.

Comments