ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහළට | සිළුමිණ

ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහළට

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනයේ (02) තව ත් රෝගීන් 40 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල මේ වනවිට ආසාදිතයින් 849 දෙනෙකු ප්‍රතිකාර ලබන බවය.

ඊයේ දිනයේ (02) කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 823 කි.

COVID-19 අසාදනය වූ රෝගීන් 11 දෙනෙකු මේ වනවිට මියගොස් තිබේ.

Comments