
Update - 2020/05/31 - 07.20
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ, ඊයේ (30) තව ත් ආසාදිතයින් 62 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම පුද්ගලයින් අතර නාවික හමුදා සාමාජිකයින් 25 ක්, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 19 ක්, මාලදිවයිනේ සිට පැමිණි තිදෙනෙකු සහ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 08 දෙනෙකු සිටින බවය.
කොරෝනා ආසාදනය වී වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 829 කි.
සමස්ත ආසාදිතයින් ගණන 1566 ක් - Update
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1566 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අතරින් තිදෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි අය වන අතර දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.