11 - අලුයම 5.00 තෙක් දිවයිනටම ඇඳිරී නීතිය | Page 11 | සිළුමිණ

11 - අලුයම 5.00 තෙක් දිවයිනටම ඇඳිරී නීතිය

අද රාත්‍රී 8 සිට ලබන 11 වැනි දා අලුයම 5.00 දක්වා දිවයින පුරා පොලිස්  ඇඳිරී නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ, එම කාලය තුළ එළඹෙන වෙසක් පොහොය දිනයේදී සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසය.

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවන කාල සීමාවේදී පොලිස් නිලධාරීන් 45,000 කට අධික පිරිසක් ඒ සම්බන්ධයෙන් වන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

Comments