ආසාදිතයින් ගණන 309 දක්වා ඉහළට | Page 10 | සිළුමිණ

ආසාදිතයින් ගණන 309 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද දිනයේ තවත් ආසාදිතයින් 5 දෙනෙකු බණ්ඩාරනායක මාවත වතු ආශ්‍රිත ප්‍රදේශයෙන් හඳුනා ගැනීමත් සමගය.

ඊයේ දිනයේ ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකු හමු වූ අතර එය මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 33 දෙනා අතරින් අවසන් වරට හමු වූ ආසාදිතයින් දෙදෙනා පිළියන්දල සහ බොරැලැස්ගමුව ප්‍රදේශවලින් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ය.

අද දිනයේත් නිරෝධායන කාලය අවසන් කළ 149ක පිරිසක් නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

Comments