ප්‍රදේශ රැසකට හවසට වැස්ස | සිළුමිණ

ප්‍රදේශ රැසකට හවසට වැස්ස

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල මිලි මීටර 50ට වැඩි තරමක වැසි ඇති විය හැක.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණු හා තාවකාලික තද සුළං ද ඇති වෙයි. අකුණු හා තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලා‍පොරොත්තු විය හැකියි.

Comments