ඒකරාශි වන අවුරුදු උත්සව නතර කරන්න | Page 10 | සිළුමිණ

ඒකරාශි වන අවුරුදු උත්සව නතර කරන්න

මහජනයා ඒකාරාශී වන අවුරුදු උත්සව නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිතුමා විසින් නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න සදහන් කලේ පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන මෙම සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය තුළ නාගරික ප්‍රදේශයෙන් බැහැරව ග්‍රාමීය මට්ටමින් කුඩා ප්‍රමාණයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක කෙරෙන ජංගම සංචාර හා යතුරුපැදි සංචාර ග්‍රාමීය ප්‍රදේශයන්හි වැඩි වශයෙන් යොදවා තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කරනු පිණිස පොලිස් ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින්, ඇතිවන දුෂ්කරතා අවබෝධ කරගෙන වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස සහ අවුරුදු උත්සව ආදී කටයුතු සඳහා එක් රැස්වීමෙන් වළකින ලෙස පොලීසිය සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Comments