චාල්ස් කුමරුටත් කොරෝනා | Page 2 | සිළුමිණ

චාල්ස් කුමරුටත් කොරෝනා

බ්‍රිතාන්‍යය රජ පවුලේ චාල්ස් කුමරුට ද කොරොන වයිරස් ආසාදනය වී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්‍ෂණයෙන් තහවුරු වී තිබේ.

71 හැවිරිදි චාල්ස් කුමරු රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බව ප්‍රකාශකයෙක් පැවසූ බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

එසේම 72 හැවිරිදි කැමිලා ආදිපාදවරියද පරීක්ෂාවට ලක් කර ඇති නමුත් ඇයට වෛරසය ආසාදනය වී නොමැති බව සදහන්වේ.

චාල්ස් කුමාරු සහ කැමිලා ආදිපාදවරිය මේ වන විට බැල්මොරල් හි  නිවසේ හුදෙකලා වී සිටින බවත් කුමරු පසුගිය දින කිහිපය තුළ නිවසේ වැඩ කරමින් සිටින බවත් සදහන් වේ.

 

Comments