මුහුදු යාමට ධීවරයින්ට හවස 06 දක්වා අවසර | Page 12 | සිළුමිණ

මුහුදු යාමට ධීවරයින්ට හවස 06 දක්වා අවසර

අද උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ දිවයින පුරා සියලුම ධීවරයන්ට මුහුදු යාමට අවසර ලබාදී ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.

ධීවර අමාත්‍යාංශය පැවසුවේ, නාවික හමුදාව සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවය.

මේ අතර පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල උදෑසන 7.00 සිට 10.00 දක්වා කාලය තුළ මහජන බැංකු ශාඛා විවෘතව තැබෙනු ඇත.

මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට දැනුම් දෙන්නේ, බැංකු පරිශ්‍ර තුළදී සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි.

 

Comments