කොරෝනා රට කල­ඹයි | සිළුමිණ

කොරෝනා රට කල­ඹයි

කොරෝනා වයි­ර­ස­යට ගොදුරු වූ ශ්‍රී ලාංකික රෝගීන් පස් දෙ­නෙකු මේ දක්වා සොයා ගැනීම නිසා රට තුළ දැන් කොරෝනා භීති­යක් හටගෙන තිබේ. එමෙන්ම පොළො­න්න­රුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සැක කට­යුතු රෝගීන් දෙදෙ­නකු අයි­ඩී­එච් රෝහ­ලට මාරුකර ඇත.

එසේම මේ වන විටත් පුද්ග­ල­යින් 64 දෙනකු සැක කට­යුතු ලෙසින් අයි­ඩී­එච් රෝහලේ ප්‍රති­කාර ලබා ගැනී­මත් ප්‍රථම‍යෙන් හමුවූ කොරෝනා රෝගීන් දෙදෙ­නාගේ ඥාතීන් නිරෝ­ධා­ය­නය කිරී­මට කට­යුතු කිරී­මත් නිසා ඉදිරි පූර්ව ආර­ක්ෂිත පිය­ව­රක් ලෙසින් රජය මඟින් පාසල්, විශ්ව­වි­ද්‍යාල ඇතුළු අධ්‍ය­යන ආය­තන වසා දැමී­මට පිය­වර ගන්නා ලදී. එමෙන්ම යුරෝපා ජාති­ක­යන්ට වීසා නිකුත් කිරීම සති දෙක­කට නවතා දමා ඇත. මහ­ජන ප්‍රවා­හන සේවා­වල

විෂබීජ හර­ණය කිරී­මට ද මේ යටතේ පිය­වර ගෙන තිබේ. කොරෝනා කාර්ය සාධක බළ­කා­ය කටයුතු වඩාත් හොදින් බල ගැන්වීමට ස්ථිර නිව­හ­නක් ලබාදී නිති­පතා තොර­තුරු රැස්කර තීරණ ගැනී­මට ද රජ­යෙන් උප­දෙස් ලබා දී ඇත.

රාජ්‍ය ආය­ත­න­ව­ලින් සැප­යෙන සේවා පවත්වා ගැනීම සඳහා අන්ත­ර්ජා­ලය පාවිච්චි කිරීම සම්බ­න්ධ­යෙන් ද රජයේ අව­ධා­නය යොමුව ඇත. කොරෝනා වයි­ර­සය ව්‍යාප්ත වීම වැළැ­ක්වීම සඳහා ජනයා විශාල වශ­යෙන් රැස්වන අවස්ථා හා උත්සව සියල්ල හැකි උප­රි­ම­යෙන් සීමා කිරී­මට ද පිය­වර ගෙන ඇත.

කො‍රෝනා වයි­ර­ස­යට ගොදු­රුව ඇති රෝගීන් දෙදෙනා ඇසුරු කළ හා ඔවුන් ආ ගිය තැන් පිළි­බඳ තොර­තුරු රැස් කර අදාළ පිරිස් නිරෝ­ධා­ය­න­යට යොමු කිරී­මට ද රජය පිය­වර ගෙන ඇත.

මේ අතර කොරෝනා වසං­ගත තත්ව­යක් ඇති වුව­හොත් මහ මැති­ව­ර­ණය කල් දැමී­මට සිදු­වනු ඇති බවද මේ පිළි­බඳ අව­සන් තීර­ණය ගැනී­මට මැති­ව­රණ කොමි­ෂ­මට බලය ඇති බවද එම කොමි­ෂම සඳ­හන් කරයි.

Comments