ඇමරිකානු සිනමා නළු ටොම් හෑන්ක්ස්ටත් කොරෝනා | සිළුමිණ

ඇමරිකානු සිනමා නළු ටොම් හෑන්ක්ස්ටත් කොරෝනා

ඇමරිකානු ප්‍රසිද්ධ සිනමා නළුවෙකු වන ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්ටද කොරෝනා වෛසරය ආසාදනය තිබේ.

ඔහු සහ බිරිඳ ඕස්ට්‍රේලියාවේ සිටියදී ඇතිවූ අසනීප තත්වයක් පරික්ෂා කිරීමේදී ඔවුන්ට වයිරසය ආසාධනය වී ඇතිබව තහවුරු වී ඇත.

මේ පිලිබඳ සිනමා නළු ටොම් හෑන්ක්ස් සිය instagram ගිණුම ඔස්සේ තමන්ගේ ප්‍රේක්ෂකයින් දැනුවත් කොට තිබේ.

මේ අතර ඇමරිකාව තුල වෛරසය ආසාදිතයන් 1311 ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රංශයේ මියගිය ගණන 48 දක්වා ඉහළ ගොස් තිබේ.

එරටින් ආසාදිතයන් 2284ක් වාර්තාවන අතර, වැඩිම ආසාදිතයන් සිටින රටවල් අතර පස්වන ස්ථානයේ ඔවුන් වෙයි.

ඉන්දියාවෙන්ද එක් මරණයක් වාර්තාවන අතර, ආසාදිත සංඛ්‍යාව 62ක්.

ස්පාඤ්ඤයේද මරණ 55ක් වාර්තාවන අතර, ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,277ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 

Comments