
රජුගේ සහෝදරයා ඇතුළු සෞදි අරාබි රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් තිදෙනෙකු පැහැදිලි හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඉන් දෙදෙනෙක් රාජධානියේ වඩාත් බලගතු පුද්ගල අතර වූහ.
අත්අඩංගුවට ගත් තිදෙනා නම් රජුගේ බාල සොහොයුරා වන අහමඩ් බින් අබ්දුලාසීස්, හිටපු ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් නයෙෆ් සහ රාජකීය ඥාති සහෝදරයෙකු වන නවාෆ් බින් නයෙෆ් ය.
ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ට ඇති බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇතැයි විශ්වාස කෙරේ.
2017 දී සෞදි රාජකීය පුද්ගලයින්, ඇමතිවරුන් සහ ව්‍යාපාරිකයින් පිරිසක් රියාද්හි රිට්ස්-කාල්ටන් හෝටලය තුළ සිර කර තැබීමට මොහොමඩ් බින් සල්මාන් ක්‍රියා කළේය.
මතභේදාත්මක චරිතයක් වන මොහොමඩ් බින් සල්මාන් ඔටුන්න හිමි කුමරු ලෙස 2016 දී ඔහුගේ පියා විසින් නම් කරනු ලැබීමෙන් පසු ඔහු රාජධානියේ අනියම් පාලකයා ලෙස සැලකිණි.
මෙම රඳවා ගැනීම් පිළිබඳ ප්‍රථමයෙන් හෙළිදරව් කරන ලද්දේ 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත විසිනි.
මොහොමඩ් බින් සල්මාන් කුමරු 2017 දී මොහොමඩ් බින් නයෙෆ් ඔහුගේ භූමිකාවෙන් ඉවත් කර නිවාස අඩස්සියේ තබන තෙක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබිණි.
පෙර භූමිකාව තුළදී ඔහු එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන්ගේ සමීප සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස පෙනී සිටියේය.
(වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත)