කොරෝනා ලැයිස්තුවට එක්වූ නව රටවල් | සිළුමිණ

කොරෝනා ලැයිස්තුවට එක්වූ නව රටවල්

නව කොරෝනා වෛරසයට ගොදුරු වූ රටවල් ලැයිස්තුවට තවත් රටවල් කිහිපයක් එක් වී තිබේ.

ඒ ලොව කුඩාම රාජ්‍ය වූ වතිකානය රාජ්‍යය,  සර්බියාව, ස්ලෝවැකියාව, පේරු සහ ටෝගෝ රාජ්‍යයයි.

ඒ අනුව චීනය ඇතුළු කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 100කට ආසන්න අතර වාර්තාවන මරණ ගණන 3433කි.

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිර යන  නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි.

චීනයෙන් ආසාදිතයන් අසූ එක් දහසකට ආසන්න සංඛ්‍යාවක්  වාර්තා වී ඇති අතර වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 3,073කි.

චීනය ඇතුළු කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් සංඛ්‍යාව මේ වනවිට 100කට ආසන්න යි.

වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 3400 ඉක්මවන බව වාර්තා වෙයි.

යුරෝපා කලාපය තුළ  නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉතාලියටයි.

මේ වන විට එරට ආසාදිතයින්  4,600කට අධික සංඛ්‍යාවක්  වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ගත වූ පැය 24 තුළ අලුතින් මරණ 49ක් වාර්තා වීමත් සමගයි.

දකුණු කොරියාවේ කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයින් ගණන 6,593 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ  42 ක් වාර්තා වනවා.

ඒක්සත් රාජධානියෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 164කි.

ඊයේ දිනයවන විට  එරටින් දෙවන මරණයද වාර්තා වුණි.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර ආරම්භ වීමට නියමිතව තිබූ  සික්ස් නේෂන් කාන්තා රග්බි තරඟාවලියේ ස්කොට්ලන්තය හා ප්‍රංශය අතර තරගය කල්දැමීමට පියවර ගෙන තිබේ.

ඒ ඊට සහභාගී වීමට නියමිතව තිබූ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවකට වෛරසය ආසාදනය වීම හේතුවෙන්ය.

අමරිකාවෙන්ද මේ වනවිට වාර්තා වී තිබෙන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 200කට අධිකයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3ක හදිසි අරමුදල් සපයන පනතකට අත්සන් කර තිබේ. 

පවතින තත්ත්වය හමුවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට  South by Southwest  සංගීත හා තාක්ෂණ උළෙල අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

ප්‍රංශයේ මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් ඇති අතර 577 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ප්‍රදේශවල පාසල් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෑතකදී රටින් බැහැර නොවූ වෛරසය ආසාදිතයෙකු සමග කිසිදු සබඳතාවක් නොමැති  පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට පුවතක් කැනඩාවෙන් වාර්තා වුණි.

මේ අතර වෛද්‍යවරුන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ කෘස් නෞකාවකට මෝල්ටා රාජ්‍යයෙන් ඉවත්ව යාමට සිදුව තිබේ.

Comments