කොරෝනා නිසා කඩා වැටුණු ලෝක කොටස් වෙළඳපල | සිළුමිණ

කොරෝනා නිසා කඩා වැටුණු ලෝක කොටස් වෙළඳපල

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපල අද දිනයේදී පහත වැටී තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ චීනය, ජපානය, දකුණු කොරියාව හා හොංකොං රාජ්‍යය වැනි ආසියාවේ ප්‍රබල වෙළඳ මධ්‍යස්ථානවල නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු අඩාලවීම හේතුවෙන් ආසියානු කොටස්වෙළඳපල ද මෙලෙස පහත වැටීමකට ලක්ව ඇති බවයි.

ආසියානු කොටස් වෙළඳපල අද මෙලෙස පහත වැටුණේ අමෙරිකානු හා යුරෝපා කොටස් වෙළඳපලවල් ද ඊයේ දිනයේ පසුබෑමට ලක්ව තිබූ පසුබිමකයි.

 

Comments