
කොරෝනා වෛරසය නිසා කඩා වැටුණු චීනයේ ජන ජීවිතය යළි ආරම්භ වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
චීන වැසියන් බොහෝ පිරිසක් අද සිය සුපුරුදු දෛනික රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ බව ද සදහන්.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නව අවුරුදු නිවාඩුසමය දීර්ඝ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
එම නිවාඩු කාලයව අවසන්වීම හමුවේයි චීන වැසියන් මෙලෙස යළිත් සිය රාජකාරී සඳහා වාර්තා කරමින් සිටින්නේ.
ඒ අනුව චීනයේ වසා දමා ඇති නගර හැර අනෙකුත් නගරවල පිහිටි කාර්යාල හා කර්මාන්ත ශාලාවල දෛනික කටයුතු අද සිට ආරම්භ වී ඇත.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ජනතාව වෙනුවෙන් පනවා තිබූ ඇතැම් සීමා පැනවීම් ලිහිල් කිරීමට ද බලධාරීන් කටයුතු කර ඇතැයි සඳහන්.
එහෙත්, ලොව සුපක්‍රට සමාගම් රැසක චීනයේ පිහිටි ශාඛා කාර්යාල තවදුරටත් වසා තිබේ.
එම සමාගම්වල සේවයේ නියුතු පිරිස් හට සිය නිවෙස්තුළ සිට රාජකාරී කිරීමට තවදුරත් අවස්ථාව පවතින බව සඳහන්.