අලුත් වෛරසයට නමක් දීමේ සූදානමක් | සිළුමිණ

අලුත් වෛරසයට නමක් දීමේ සූදානමක්

චීනයෙන් මතු වූ කොරෝනාවෛරසය නමින් අප දන්නා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 490 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

චීනයේ පමණක් තවත් පුද්ගලයින් 24,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 

එහෙත්, මෙම රෝගී තත්ත්වයට හෝ වෛරසයට මෙතෙක් නිසි නාමයක් ලබා දී නොමැත.

අලුතින් මතු වූ වෛරසය, කොරෝනාවෛරසය නමින් හඳුන්වනු ලබන නමුත් කොරෝනාවෛරස් යනු එම කාණ්ඩයේ වෛරස් හැඳින්වීම සඳහා යොදා ගන්නා පොදු නාමයකි.

නව කොරෝනාවෛරසය, '2019-nCoV' යනුවෙන් තාවකාලිකව හැඳින් වුව ද එය උච්චාරණයට කිසිසේත් පහසු නාමයක් නොවේ.

මේ හේතුවෙන් නව වෛරසයට නිසි නාමයක් ලබා දීම සඳහා මේ වන විට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වෙති.

(බී.බී.සිය ඇසුරෙනි)

Comments