
එළැඹෙන මහ මැතිවරණයේදී අම්පාර (දිගාමඩුල්ල) දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසය අතර උග්‍ර ගැටුමක් හටගෙන ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසන්නේ ඒකාබද්ධ මුස්ලිම් පෙරමුණකින් එක්සත් ජාතික පක්ෂයේද සහාය ඇතිව දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ යුතු බවයි.
එහෙත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බද්යුද්දින් පවසන්නේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තම පක්ෂය වෙනම තරග කරන බවයි.
උද්ගතව ඇති මේ තත්ත්වය සමනය කිරීම සඳහා මුස්ලිම් පක්ෂ දෙක අතර අතර සාකච්ඡා වට කිහිපයක් මුස්ලිම් කායකයන්ගේ මූලිකත්වයෙන් පවත්වා ඇතත් එයින් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැත. මුස්ලිම් කොංග්‍රස් නායක සඳහන් කෙළේ රිෂාඩ් බද්යුද්දින්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය සමඟ එක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු නොකිරීම නිසා මේ අර්බුදය මතු වී ඇති බවයි.
මේ අතර නීතිඥ රහුමාන්ගේ නායකත්වයෙන් යුත් යහපාලනය සඳහා වූ පක්ෂය මහ මැතිවරණයේසදී සහාය ලබා දෙන්නේ ජවිපෙ විසින් මෙහෙයවනු ලබන ජාතික ජනබලවේගයට බවද දැන ගන්නට ඇත.