අම්පාරේ බල අරගලය තවත් උග්‍ර වෙයි, රිෂාඩ් හකීම් ගැටු­මක් | Page 2 | සිළුමිණ

අම්පාරේ බල අරගලය තවත් උග්‍ර වෙයි, රිෂාඩ් හකීම් ගැටු­මක්

ළැ­ඹෙන මහ මැති­ව­ර­ණ­යේදී අම්පාර (දිගා­ම­ඩුල්ල) දිස්ත්‍රි­ක්ක­යට නාම යෝජනා ලබාදීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සය හා සමස්ත ලංකා මහ­ජන කොංග්‍ර­සය අතර උග්‍ර ගැටු­මක් හට­ගෙන ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සය පව­සන්නේ ඒකා­බද්ධ මුස්ලිම් පෙර­මු­ණ­කින් එක්සත් ජාතික පක්ෂ­යේද සහාය ඇතිව දිගා­ම­ඩුල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කළ යුතු බවයි.

එහෙත් සමස්ත ලංකා මහ­ජන කොංග්‍ර­සයේ නායක රිෂාඩ් බද්යු­ද්දින් පව­සන්නේ දිගා­ම­ඩුල්ල දිස්ත්‍රි­ක්ක­යට තම පක්ෂය වෙනම තරග කරන බවයි.

උද්ග­තව ඇති මේ තත්ත්වය සම­නය කිරීම සඳහා මුස්ලිම් පක්ෂ දෙක අතර අතර සාකච්ඡා වට කිහි­ප­යක් මුස්ලිම් කාය­ක­යන්ගේ මූලි­ක­ත්ව­යෙන් පවත්වා ඇතත් එයින් කිසිදු ප්‍රති­ඵ­ල­යක් ලැබී නැත. මුස්ලිම් කොංග්‍රස් නායක සඳ­හන් කෙළේ රිෂාඩ් බද්යු­ද්දින්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් පක්ෂය සමඟ එක්වී­මට විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා කට­යුතු නොකි­රීම නිසා මේ අර්බු­දය මතු වී ඇති බවයි.

මේ අතර නීතිඥ රහු­මාන්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් යහ­පා­ල­නය සඳහා වූ පක්ෂය මහ මැති­ව­ර­ණ­යේ­සදී සහාය ලබා දෙන්නේ ජවිපෙ විසින් මෙහෙ­ය­වනු ලබන ජාතික ජන­බ­ල­වේ­ග­යට බවද දැන ගන්නට ඇත.

 

Comments