නව වසරේ අපි දළදා මාලි­ගා­වට ගියෙමු | Page 6 | සිළුමිණ

නව වසරේ අපි දළදා මාලි­ගා­වට ගියෙමු

දෙසැම්බර් 31 වැනිදා රාත්‍රි 12 න් පසු ඇසුණේ රතිඤ්ඤා පිපිරෙන හඬය. ඒ 2020 නව වසරේ උදාවයි. සුදු වතින් සැරසී අපි අලුයම 4.45 වනවිට දළදා මාලිගයට යාමට පිටත් වූයෙමු. නව වසරේ උදාව රට රටවල මිනිස්සු උත්සවශ්‍රීයෙන් පැවැත්වූහ. නැගෙනහිර රටවලට අනිකුත් රටවලට වඩා ඉක්මනින් නව වසර උදාවිය.

එදා දළදා මාලිගයට යෑමට දිගු පෝලිමක සිටින්නට විය. රථගාල් කිරීමට තිබෙන ස්ථාන රථවලින් පිරී ඉතිරී ගොසිනි. අපට රථය නැවැත්වීමට තැනක් නොතිබුණු තරම් ය. අපි තරමක් දුරට ගොස් රථ ගාලක රථය නවතාලීමු. පා ගමනින් පෝලිමට කිට්ටු වීමු. වෙනදාට වැඩි තදබදයක් නැති දළදා මැදුර එදා මහජනයාගෙන් පිරි තිබිණ. විවිධ ජනයා පාර දෙපස ද ප්‍රීති ඝෝෂා කරන අයුරු අපි දුටිමු. නව වසර උදාවන විට දළදා මාලිගාවට යෑම මට සොඳුරු අත්දැකීමකි. ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

කෙණෙරි කෝකනදී බණ්ඩාර

6 ශ්‍රේණිය,

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය,

කුරුණෑගල

 

Comments