
ලැව් ගින්නෙන් විපතට පත්වූවන්ට සිදුකරන ලද "සුවිශේෂී මෙහෙවර" වෙනුවෙන් ටොම් හෑන්ක්ස්ට හා ඔහුගේ පවුලේ අයට ග්‍රීසියේ "ගරු පුරවැසිකමක් ලබා දීමට ග්‍රීක රජය තීරණය කර ඇත.
ෆොරස්ට් ගම්ප්, කාස්ට් අවේ, සේවින්ග් ප්‍රයිවට් රයන්, ද ටර්මිනල්, ඩා වින්සි කෝඩ්, ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් සහ කැච් මී ඉෆ් යූ කැන් වැනි සුප්‍රකට සිනමාපට රැසකට ටොම් හෑන්ක්ස් රංගනයෙන් දායක විය.
ග්‍රීක වැසියෙක් වීම ටොම් හෑන්ක්ස් මෙතෙක් රඟ පා ඇති චරිතයන්ගෙන් පහසුම චරිතය වනු ඇති බවට ඔහුගේ හොලිවුඩ් මිතුරන් අදහස් පළකරයි.
ඔහු විසින් ග්‍රීසියට සිදුකරන ලද සුවිශේෂී සේවාවන් සදහන් කරමින් 63න් හැවරිදි ටොම් හෑන්ක්ස්ට පමණක් නොව ඔහුගේ බිරිඳ රීටා විල්සන්ටද දෙදරුවන් වන චෙස්ටර් හා ටෘමන්ටද ග්‍රීසියේ ගරු පුරවැසි කම ලබාදෙන බවට ගැසට් පත්‍රයක් මගින් ඇතැන්ස් බලධාරීන් ප්‍රකාශයට පත් කරන ලදී.
2018 ජූලි මස ග්‍රීසියේ ඇතැම්ස් නගරයේ පිහිටි මාටි නම් නිවාඩු නිකේතනයකට ඇතිවූ ලැව් ගින්නෙන් විපතට පත් වූවනට උදවු කිරීමට එම සිවු දෙනාම ලබාදුන් දායකත්වය පිළිබඳව එහි අවධාරණය කර තිබුණි.
එම ගින්නෙන් 103 දෙනෙකු මිය ගිය අතර දුසිම් ගනනක් බරපතල ලෙස පිළිස්සීමට ලක් විය. "ගින්නෙන් පීඩා විදින අපේ රට වැසියන්ට ක්ෂණිකව ආධාර සැපයීමට හෑන්ක්ස් පවුල ලොවටම ආරාධනා කළා" යැයි ග්‍රීසියේ ජනපති පැවසීය.
ග්‍රීක නීතිය අනුව රටට හෝ රට වැසියන්ගේ ශුබ සිද්ධිය උදෙසා විශාල මෙහෙයක් කළ අයට ගරු පුරවැසිකම ලබා දිය හැක.
ටොම් හෑන්ක්ස් ග්‍රීක සංස්කෘතියට ආදරය කරන්නෙකි. ඔහු වසර ගනනාවක් මුළුල්ලේ ග්‍රීසියේ සංචාරය කර ඇති අතර සෑම ග්‍රීෂ්ම කාලයක්ම ග්‍රීසියේ ඇන්ටිපාරොස් හි ඇති ඒජියන් දූපතෙ ඇති ඔහුගේ නිවසේ ගත කරයි.
ටොම් හෑම්ක්ස්ගේ බිරිඳ, රීටා විල්සන්ගේ මවද ග්‍රීක කාන්තාවකි. "මම ග්‍රීක වැසියෙක්ව අවුරුදු 32ක් ගතවනවා. ග්‍රීසිය ස්වර්ගය බඳු තැනක්. ග්‍රීක අහස, පොළොව, ජලය ආත්මය සනසනවා. ග්‍රීසියේ අපූරු කාල සටහනට අනුව ඔබට දවල් වන තුරු නිදාගෙන මහ රෑ තුනත් පසුවන තුරු අවදියෙන් සිටිය හැක. ග්‍රීක වැසියකු වීම අයෙක්ට සිය ජීවිත කාලය තුල ලබාගත හැකි ඉහළම දෙයයි .
මෙම වසරේ ගොල්ඩන් ග්ලෝබ් සම්මානයක් හිමි කරගත් Cecil B DeMille ග්‍රීක පුරවැසියකු වීම සම්බන්ධව එසේ තම අදහස් දැක්විය. ග්‍රීසියේ "ගරු පුරවැසිකමක්" ලැබීම තමා ලද විශාල ගෞරවයක් බවට මාධ්‍ය හමුවකදී ටොම් හෑන්ක්ස් පැවසීය.