ලෝකය වසා ගත් ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි දුමාරය | සිළුමිණ

ලෝකය වසා ගත් ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි දුමාරය

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි දුමාරය ලෝකය වටා වායුගෝලයේ ඉහළ ස්ථරයේ පරිපථයක් සේ පවතිනු ඇතැයි නාසා ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

විද්‍යාඥයින් පවසන්නේ දෙසැම්බර් මස අග සිට කළ අධ්‍යයනයකදී මෙම කරුණු හෙළි වූ බවයි.

ඒ අනුව දැනටමත් ලැව්ගිනි දුමාරය පෘථිවියෙන් අඩක් පමණ වසාගෙන අවසන්.

පෘථිවියේ වාතයේ ගුණාත්මක භාවයට ද මෙමගින් බලපෑම් එල්ල කරනු ඇති බවයි විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ.

මාස කිහිපයක් පුරා පවතින මෙම ලැව්ගිනි, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ද නිරීක්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය. 

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 28 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර නිවාස 3,000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී අවසන්.

 

Comments