රන්ජන් රාමනායක අත්අඩංගුවට | සිළුමිණ

රන්ජන් රාමනායක අත්අඩංගුවට

විනිසුරුවන්ගේ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයට අනුව මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර ඔහු අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝගයට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය එක්ව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරුවේ කරුණු දක්වනු ලැබුවේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කියා සිටියේ, සුවිශේෂි තත්ත්වයක් යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි.

රන්ජන් රාමනායකගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ, අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනා යටතේයි.

Comments