
ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් වන සියලු ප්‍රතිපාදන දී තිබෙන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අාරක්ෂා කරන්නයි. අපි සියලු ම දෙනා අධිකරණය කෙරෙහි ගෞරව දක්වන්න දෙවරක් සිතන්නේ නෑ. මේ නිසායි අධිකරණය විශ්වාසයේ රන් දෙවොල නමිනුත් හඳුන්වන්නේ. අධිකරණයේ විශ්වාසය යම් හෙයකින් බිඳ වැටීම රටකට විශාල ලෙස ගැටලු මතු කරන්නක්. ඒ නිසා මුලින් ම අපි කළ යුත්තේ කුමන කාරණා හේතු තිබුණත් ජනාධිපතිවරයා ඇතුළු සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීමට කැපවීමයි. නමුත් පහුගිය කාලයේදී ඇති වූ තත්ත්ව මත අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි; සමස්ත නීති පද්ධතිය ම පිළිබඳ හටගත්තේ පිළිකුලක්. නමුත් මම අවධාරණය කරනවා මේ හඬපට හෝ වේවා සී.ඩී. තැටි හෝ වීඩියෝ වේවා මේ සියල්ලක් ම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර මේ මතුවූ කාරණාවන්හි නිරවද්‍යතාව ඉතා ඉක්මනින් විමසා බැලීම සිදු කළ යුතුයි. ඒවා සංස්කරණය කර ඇද්ද මෙසේ කිරීමේ මූලික අභිප්‍රාය කුමක්ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුමයි. මන්ත්‍රීවරයෙක් හෝ වේවා වෙනයම් කෙනෙක් හෝ වේවා කිසිම කෙනෙක්ට බෑ අධිකරණ තීන්දු තීරණ ගැන ප්‍රශ්න කරන්න. ඔවුන්ට බෑ අධිකරණයට යම් බලපෑමක් හෝ පෙලඹවීමක් කරන්න. හැබැයි දෙදෙනකු අතර පෞද්ගලික සංවාදයක් සිදු වෙන්න පුළුවන්. මොකද ලංකාවේ තවම පෞද්ගලිකත්වයේ නීතිය නීතියක් ලෙසට තවම නීති පොතට ඇතුළත් වෙලා නෑ.
අනෙක් මූලික කරුණ තමයි මේ හඬපට නිකුත් වීමත් සමඟ කෙනකුට කියන්න පුළුවන් තමන්ට භාෂණයේ හා ප්රකාශනයේ නිදහස තියෙනවා කියලා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බොහෝ විට මේ තත්ත්වයට වැටෙන්නේ නෑ. මොකද ඔහු විධායක හෝ පරිපාලන නිලධාරියෙක් නොවන නිසා. ලංකාව යම් ආකාරයකින් ඉදිරියට ඇවිත් ඉන්නවා නම් ඒ ඉන්නේ මේ අධිකරණ පද්ධතියේ තියෙන ස්වාධීනත්වය නිසායි. එය රැක ගැනීමට අපි සැමටම යුතුකමක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේදී විය යුත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු දේ අපි සියලු දෙනා එක්ව සිදු කිරීමයි. ඊට දේශපාලන පක්ෂවලටක් වගකීමක් තියෙනවා.
සාමාන්‍ය වැසියකු අතින් වූවා නම් අනිවාර්ය නඩුවක්
මේ හඬපට සම්බන්ධ සිද්ධියට මෙය සමාන කළොත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කළ මේ ක්‍රියාව වෙනත් සාමාන්‍ය පුද්ගලයකු කළා නම් අනිවාර්යයෙන් ම අධිකරණයේ නඩු පැවරීමක් සිදු කෙරෙනවා. මම උදාහරණයක් කියන්නම්. ඔබට මතක ඇති මීට ඉහත කාලයකදි එස්.බී. දිසානායක මහතා සබරගමුව පැත්තේ සමුළුවක් අමතමින් අධිකරණ කෙරෙහි යම් විවේචනයක් කරමින් ප්‍රකාශයක් කළා. ඒහිදී ඔහුව අත්අඩංගුවට අරන් බන්ධනාගාරගත කළා විශාල කාලයකට. එදා ඔහු ඇමතිවරයෙක්. නමුත් ඒ නඩු තීන්දුව දෙනකොට ඔවුන් ඒ හඬපට අරන් සම්පූර්ණ පරීක්ෂණයක් කළා මේවායේ තියෙන නිරවද්‍යභාවය පිළිබඳ ව. ඒවා සංස්කරණය කළ ඒවාද නැද්ද යන්න විමසුවා. මේ වත්මන් සිධියේ තියෙන බරපතළ තත්ත්වය තමයි ඉහළ අධිකරණ නිලධාරියෙක් එක්ක මෙහෙම මේ දේවල් කතා කළ හැකිද යන්න. අධිකරණ නිලධාරීනුත් ආචාරධර්ම සමඟ බැඳී ඉන්නවා. අධිකරණ සේවා කොමිෂන් සභා මඟින් සියලු ම අධිකරණ නිලධාරීන්ව පුහුණු කරනවා. මොකද ඒ අය ගැටෙන්නේ ජනතාවගේ ජීවිතවල බොහොම සියුම් තැන් එක්ක නිසා ඔවුන්ට වගකීම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් හා පුහුණුවක් ලබා දෙනවා. අධිකරණ නිලධාරියෙන් සාමාන්‍ය කෙනෙක් සමඟ සංවාදයක් කරද්දි ඔවුන් තුළ අවබෝධයක් තිබිය යුතුයි ඒවා පටිගත කරනවාද වීඩියෝ කරනවාද කියන ඒක ගැන. පෞද්ගලික හිතවතකු සමඟ කරන කතාවකදි වුණත් නීතියට සම්බන්ධ රාජකාරී කරන පුද්ගලයන් හොඳ අවධානයෙන් සිටිය යුතුයි.
පාර්ලිමේන්තුවේ භාරකාරයා වශයෙන් කතානායකතුමාට වගකීමක් තියෙනවා දැන්වත් මේ තත්ත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කිරීම කතානායකවරයා සතු වගකීමක්. මොකද අපි දැක්කා පහුගිය කාලයේ යම් යම් සිද්ධි සම්බන්ධයෙන් කතානායකවරයා නිතර නිතරම නිවේදන නිකුත් කරලා තියෙනවා. මෙතැනදි අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔහුට පැහැදිලිවම මැදිහත් විය හැකියි.
අධිකරණ නිලධාරීන්ට හිතුමතේ කටයුතු කළ හැකිද?
මෙතැන ඇති අනෙක් ගැටලුව තමයි අධිකරණ නිලධාරීන්ට සාමාන්‍ය ජනතාව සමඟ හිතුමතේ සබඳතා පැවැත්වීමට පුළුවන්ද කියන කාරණාව. ඔවුනුත් බැඳී ඉන්න නීති රීති මාලාවක් තියෙනවා. ඉදිරියේදිවත් මේ තත්ත්වය අපි වළක්වා ගත යුතුයි. සමාජ මාධ්‍ය හරහා මේ සිද්ධිය ප්‍රචාරය වුණා කියන්නේ මුළු ලෝකයට ම මේ සිද්ධිය යනවා කියන එකයි. අනිවාර්යයෙන් ම මේවා නිසා රටට වෙන්නේ විශාල හානියක්. නමුත් තවමත් මේ දේවල් ප්‍රචාරය වීම නතර වෙලත් නෑ. දැන් දැන් අධිරකරණ නිලධාරීන් විතරක් නෙවෙයි; වෙන යම් යම් අය එක්ක රන්ජන් මන්ත්‍රීවරයා කළ සංවාදත් එළියට එනවා. මේක වැරදි පූර්වාදර්ශයක් නොකරගත යුතුයි. වහාම පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවලා මේ ගැන ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුමයි. මේ ආකාරයෙන් ආයතනවල විශ්වාසය බිඳ නොවැටිය යුතුයි. මේ එළියට එන්නේ පහුගිය කාලෙ වුණු සිදුවීම්නෙ. ඒ කියන්නේ යහපාලනයේ සැබෑ අරමුණ ඉටු වුණේ නෑ කියන ඒකනෙ. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය බොහොම ස්වාධීන කරනවා කියලනෙ යහපාලනය ආවෙ. නමුත් ඔවුන්ගේ ඒ අරමුණ වෙත ළඟා වීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් තමයි මේ හඬපට සිධියෙනුත් එළියට ආවෙ. මන්ත්‍රීවරු කියන්නේ ජනතාවගේ නායකයන්. ඒ අය බුද්ධිමත්ව හැසිරිය යුතුයි. ඔවුන් තමන්ගේ රාජකාරී අරමුණු කරා නොගොස් වෙන වෙන අරමුණු කරා ගමන් කිරීම තමයි මේ වගේ ප්‍රතිඵල ලැබෙන්න හේතුව.
මේ හඬපට නවත්වන්න කියලා මෝසමකුත් ඉදිරිපත් වුණා. නමුත් එතකොට අධිකරණය බලනවා කෙනෙක්ගේ භාෂණයේ නිදහස ගැන. කෙනකුට මෙයින් යම් අපහාසයක් හෝ අසාධාරණයක් වී ඇතිනම් ඒ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුමයි. යම් යම් සංවිධාන දැනටමත් මේ ගැන පරීක්ෂණයක් හෝ විමර්ශනයක් කරන්න කියලා ඉල්ලා තිබෙනවා. මම නම් කියන්නේ මෙතැනදි පූර්ව නිගමනවලට එළඹෙන්නේ නැතිව බුද්ධිමත්ව තීන්දුවත් ගත යුතුයි. ජනාධිපතිවරයාගේ ඉතා හොඳ ප්‍රතිපත්ති ප්රකාශනයක් නිකුත් වුණා. එතුමා ඉතා හොඳ ගමනක් යනවා කියලා අපටත් පේනවා. විපක්ෂ නායකවරයාත් කිව්වා ඒ ගමනට තමන් පූර්ණ සහාය දෙනවා කියලා. ඉතින් මේ දේවල් දිහා බැලුවාම මට නම් පේන්නේ මේ සිද්ධිය ඒ යන ගමන යම් කිසි විතැන් කිරීමකට ලක් කිරීමේ උත්සාහයක් ද කියලයි. මොකද එක එක්කෙනාට ගත්තු ඇමතුම්නෙ මේ එළියට එන්නේ. ඉතිං මට නම් සැකයක් තියෙනවා ඒ ගමන විතැන් කිරීමටයි අදාළ මන්ත්‍රීවරයා මේ උත්සාහය දැරුවේ කියලා. මොකද මේවා නිවැරදි කිරීමට සහ මේ ගැන සෘජු ප්‍රතිපත්තිමය තීරණ ගන්න එතුමාට යම් කිසි කාලයක් වැය කරන්නත් සිද්ධ වෙනවනේ. මේ නිසා මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විමර්ශනයක් ආරම්භ කරලා හැකි ඉක්මනින් නෛතික ක්‍රියාමාර්ග ගත යුතුයි.
අපහාස නීතියට අදාළ කරුණක්
අනෙක නීතිඥයන්ට වෘත්තීය ආචාරධර්ම තියෙනවා. මමත් නීතිඥවරයෙක්. හැම වෘත්තියක ම ඒවා තියෙනවා. මට තියෙන ගැටලුව මේ හැම ආචාර ධර්මයක් ම පහුගිය කාලය පුරාවට ම උල්ලඝනය වෙලා තියෙන්නේ දේශපාලනඥයො නිසානෙ. ඔය සිද්ධියට සම්බන්ධ රන්ජන් මන්ත්රීවරයාත් පහුගිය කාලය පුරාවටම මාධ්‍ය ගෙනල්ල මාධ්‍ය ඉදිරියේ එක එක පුද්ගලයාව ප්‍රශන කරනවා අපි දැක්කා. අන්න එතැනදි ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගැනීමේ ප්‍රතිඵලය තමයි මේ අද බොහොම දරුණුවට ඒළියට ඇවිත් තියෙන්නේ. මම මේ දේ කියන්නේ චෝදනාවක් විදියට නෙවෙයි. නමුත් ඔය මන්ත්‍රීවරයාගේ හැසිරීමෙන් පහුගිය කාලය පුරාවටම මේවායේ පෙනිමිති පෙන්නුම් කළානෙ. එසේ ප්‍රසිද්ධියේ කෙනෙක්ට ඇමතුමක් ගෙන අපහසුතාවට පත් කිරීම අපහාස ගණයටයි නීති පොතේදි වැටෙන්නේ; අපහාස නීතියටයි එය අදාළ. නමුත් ඔහුව එහිදී නවත්තන්න කවුරුත් උත්සාහ කළේ නෑ. වෛද්‍ය පාදෙණියටත් ඔහු ඇමතුමක් ගත්තා. නමුත් ඔහු ඒ ඇමතුම ගත්තේ නෑ. පස් ගැටලුවේදිත් වුණේ ඒ වගේ දෙයක්. ඔහුගේ නායකත්වයට, වගකීමක් තිබුණා එදා ඔහුව නිරීක්ෂණය කරන්න. ඔහුට වාරණයක් දාන්න තිබුණා. මට හිතුණා කොයි වෙලේ හරි මෙහෙම දෙයක් වෙයි කියලා. හැබැයි එදා ඔහුව නැවැත්තුවා නම් අද මෙහෙම දේවල් වෙන්නේ නෑ. ඔහුටත් භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය තියෙනවා. නමුත් අපි බොහෝ අවස්ථාවලදි දැක්කේ ඔහු ඒ සීමාවන් ඉක්මවා ගිය අවස්ථාවනුයි. අර ප්‍රාදේශීය ලේකම්වරිට, පොලිසියේ ඉහළ නිලධාරීන් කීයක් මොහු නිසා අපහසුතාවය පත් වුණාද? එදා ඔහුගෙ නිවේදන රසවත් නිවේදන බවට පත් කර ලංකාවට පෙන්නපු එකේ ප්‍රතිඵලය ඔහු ගත්තා.
1978 ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 10 සිට 13 දක්වා තියෙනවා මූලික මිනිස් අයිතිවාසිකම් ගැන. ඒවාත් මේ මන්ත්‍රීවරයාගේ හැසිරීමෙන් උල්ලංඝණය වෙලා තියෙනවා. දැන් ඒ අයිතිවාසිකම් උල්ලංඝණය වුණු අයට පුළුවන් ඔහුට එරෙහිව නීතිය ඉදිරියට යන්න. තමන්ට අපහාසයක් කළාද තමන් ඒ ප්‍රකාශ කළාද යන්න ඔවුන්ට ඔප්පු කළ හැකියි.
කථානායකවරයාට, එජාපයට බරපතළ වගකීමක්
යහපාලනය ඇවිත් ලෝකයා ඉදිරියේ පෙන්නුම් කළේ ප්රජාතන්ත්රවාදය රකිනවා නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා කියන එක වුණත් දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. ඉතින් අපි මුලින්ම ලෝකය ඉදිරියේ ඔප්පු කළ යුතුයි ලංකාවේ අධිකරණ ස්වාධීන බව හා නීතිය ශක්තිමත් බව. මෙවැනි කාරණා නිසා රට ලක්වන අපහසුතාවෙන් පහසුවෙන් ගලවා ගන්න බෑ. දැනවත් ඒ දේශපාලන පක්ෂයේ නායකයන් වරද නිවැරදි කිරීමයි වහවහා කළ යුත්තේ. ඒ පක්ෂය දැන් ඉදිරියට පැමිණිය යුත්තේ ඒ පුද්ගලයා වෙනුවෙන් නෙවෙයි සමස්ත රට, අධිකරණය හා ජනතාව වෙනුවෙනුයි. තමන්ට ඔහු පාලනය කරගන්නට නොහැකි වීම සම්බන්ධයෙන් ඔවුන් දැන්වත් පාපොච්චාරණයක් කළ යුතුයි. ඔහු ඡන්ද තියෙන කෙනෙක් නම් ඔහුගේ වරද ගැන දැන් වහාම තීරණයක් ගත යුතුයි.
ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයීය රටක්. ඒවැනි රටවල නීතිඥවරු නඩුවක තීන්දු ගැන, ඒවායේ කරුණු ගැන සාමාන්‍යයෙන් කාත් ඒක්කවත් සාකච්ඡා කරන්නේ නෑ. ඒකට හේතුව එහෙම කතා කරලා යම් කිසි වෙනසක් තීන්දුවට බලපෑවොත් සේවා දායකයාට ඒ නීතිඥයා කරන්නේ බරපතළ හානියක්. හැබැයි නඩු තීන්දුවට පසු නම් ඒ ගැන විශ්ලේෂණයක් කළ හැකියි. නමුත් ඊට පෙර ඒවැනි දේ නොකළ යුතුයි කියායි මම විශ්වාස කරන්නේ.
ඊළඟට එන ප්‍රශ්නය අධිකරණ විමර්ශන බලයක් ලංකාවේ තවම නොමැතිකම. ඒකෙන් දුන් තීන්දුවක් සම්බන්ධව නැවත විමසා බැලීමේ හැකියාවක් ලංකාවේ නෑ. ඉන්දියාවේ හා ජැමෙයිකාවේ නම් ඒ් බලය තියෙනවා. දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාගේ නඩුව ඇතුළුව අදාළ විනිසුරුවන් දුන් තීන්දු සම්බන්ධව දැන් සමාජයේ කතා වෙනවා. නමුත් එසේ ඒ දේවල් යළි හැරවීමට ප්‍රතිපාදන ලංකාවේ අධිකරණ සතුව නෑ. නැවත සලකා බැලීමේ ඉඩකඩ අඩුයි. නමුත් විධායක ජනාධිපතිතුමාට පුළුවන් මේ සියලු දේ ගැන සොයා බලා මේ ගැන යමක් කරන්න. නමුත් ඊට තියෙන හැකියාව නම් අඩුයි. මේ ගැන අධිකරණ සේවා කොමිසමට, නීනිපතිවරයාට, අගවිනිසුරුවරයාට යම් සොයා බැලීමක් කළ හැකියි. නමුත් මේ සියල්ල වෙන්නේ අධිකරණයට යටත්ව නිසා අලුත් දොරක් විවර කළ යුතුයි මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න. ඒ්කට විධායක, ව්‍යවස්ථාදායක සියලු අංශයන්ගේ සහය අවශ්‍යයි.
හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක්
රන්ජන් මන්ත්‍රීවරයා මෝසමක් ඉදිරිපත් කළා මේ හඬපට නිකුත් වීම සම්බන්ධව. ඔහු කියනවා මේවා නඩු භාණ්ඩ කියලා. නමුත් තවම නඩුවක් ගොනු වෙලත් නැති නිසා ඔහුම මේවා නඩු භාණ්ඩ කරගෙන තියෙන්නෙ ඇයිද යන්න ගැටලුවක්. මේක පොලීසියෙන් එළියට ආපු දෙයක් නෙවෙයි. සමහර විට ඔහුගේ මිතුරකුගෙන් ආපු එකක් වෙන්නත් පුළුවන්. විපක්ෂනායකවරයාත්, හිටපු අගමැතිවරයාත් විමසා තිබුණා නඩු භාණ්ඩ කොහොමද ඉළියට ආවෙ කියලා.
නමුත් ඒ්වා ගියේ ඔවුන්ගේම කෙනකු අතින් බව අප අමතක කළ යුතු නෑ. දැන් සෞඛ්‍ය ඇමතිගෙ නඩුවෙදි, සුදුකොඩි නඩුවෙදි නම් ඒ දේවල් පසුව නඩු භාණ්ඩ වුණා. නමුත් තවම මේවා නඩු භාණ්ඩ නෙවෙයි. මෝසමකින් ඔහුට මේ තත්ත්වය නිවැරදි කළ හැකියි. නමුත් පෞද්ගලිකත්වයේ නීතියක් නැතිකම හේතුවෙන් ඒයින් ඵලක් වේ දැයි හිතන්න බෑ. මේක තවම විභාග වෙමින් පවතින්නක් නිසා මම ඒ ගැන මීට වඩා කියන්නෙ නෑ. උසාවියේ නඩු යද්දි නම් සංස්කරණය නොකළ දත්ත ඉල්ලනවා. මේ සිද්ධියේදි තවම මේ දේවල් වෙලා නොතිබෙද්දිත් ඇයි හොරාට කලින් වැට පැන්නේ? අපි මේවා දෙස සවිඥානිකව බැලිය යුතුයි.