රන්ජන් ගැන හැකි ඉක්ම­නින් නෛතික ක්‍රියා­මා­ර්ග­යක් ගත යුතුයි | Page 2 | සිළුමිණ

රන්ජන් ගැන හැකි ඉක්ම­නින් නෛතික ක්‍රියා­මා­ර්ග­යක් ගත යුතුයි

 

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ වගන්ති මඟින් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය සම්බ­න්ධ­යෙන් පැහැ­දි­ලි­වම සඳ­හන් කර තිබෙ­නවා. අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය සම්බ­න්ධ­යෙන් වන සියලු ප්‍රති­පා­දන දී තිබෙන්නේ ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් අාරක්ෂා කර­න්නයි. අපි සියලු ම දෙනා අධි­ක­ර­ණය කෙරෙහි ගෞරව දක්වන්න දෙව­රක් සිතන්නේ නෑ. මේ නිසායි අධි­ක­ර­ණය විශ්වා­සයේ රන් දෙවොල නමි­නුත් හඳු­න්වන්නේ. අධි­ක­ර­ණයේ විශ්වා­සය යම් හෙය­කින් බිඳ වැටීම රට­කට විශාල ලෙස ගැටලු මතු කර­න්නක්. ඒ නිසා මුලින් ම අපි කළ යුත්තේ කුමන කාරණා හේතු තිබු­ණත් ජනා­ධි­ප­ති­ව­රයා ඇතුළු සියලු ම පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් අධි­ක­රණ පද්ධ­තිය ආරක්ෂා කිරී­මට කැප­වී­මයි. නමුත් පහු­ගිය කාල­යේදී ඇති වූ තත්ත්ව මත අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය සම්බ­න්ධ­යෙන් පම­ණක් නෙවෙයි; සමස්ත නීති පද්ධ­තිය ම පිළි­බඳ හට­ගත්තේ පිළි­කු­ලක්. නමුත් මම අව­ධා­ර­ණය කර­නවා මේ හඬ­පට හෝ වේවා සී.ඩී. තැටි හෝ වීඩියෝ වේවා මේ සිය­ල්ලක් ම සම්බ­න්ධ­යෙන් නිසි පරී­ක්ෂ­ණ­යක් සිදු කර මේ මතුවූ කාර­ණා­වන්හි නිර­ව­ද්‍ය­තාව ඉතා ඉක්ම­නින් විමසා බැලීම සිදු කළ යුතුයි. ඒවා සංස්ක­ර­ණය කර ඇද්ද මෙසේ කිරීමේ මූලික අභි­ප්‍රාය කුමක්ද යන්න සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කළ යුතු­මයි. මන්ත්‍රී­ව­ර­යෙක් හෝ වේවා වෙන­යම් කෙනෙක් හෝ වේවා කිසිම කෙනෙක්ට බෑ අධි­ක­රණ තීන්දු තීරණ ගැන ප්‍රශ්න කරන්න. ඔවුන්ට බෑ අධි­ක­ර­ණ­යට යම් බල­පෑ­මක් හෝ පෙල­ඹ­වී­මක් කරන්න. හැබැයි දෙදෙ­නකු අතර පෞද්ග­ලික සංවා­ද­යක් සිදු වෙන්න පුළු­වන්. මොකද ලංකාවේ තවම පෞද්ග­ලි­ක­ත්වයේ නීතිය නීති­යක් ලෙසට තවම නීති පොතට ඇතු­ළත් වෙලා නෑ.

අනෙක් මූලික කරුණ තමයි මේ හඬ­පට නිකුත් වීමත් සමඟ කෙ‌නකුට කියන්න පුළු­වන් තමන්ට භාෂ­ණයේ හා ප්‍රකා­ශ­නයේ නිද­හස තියෙ­නවා කියලා. නමුත් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක් බොහෝ විට මේ තත්ත්ව­යට වැටෙන්නේ නෑ. මොකද ඔහු විධා­යක හෝ පරි­පා­ලන නිල­ධා­රි­යෙක් නොවන නිසා. ලංකාව යම් ආකා­ර­ය­කින් ඉදි­රි­යට ඇවිත් ඉන්නවා නම් ඒ ඉන්නේ මේ අධි­ක­රණ පද්ධ­තියේ තියෙන ස්වාධී­න­ත්වය නිසායි. එය රැක ගැනී­මට අපි සැම­ටම යුතු­ක­මක් තියෙ­නවා. ඒ නිසා මම හිතන්නේ මේ අව­ස්ථා­වේදී විය යුත්තේ අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ආරක්ෂා කිරී­මට අවශ්‍ය සියලු දේ අපි සියලු දෙනා එක්ව සිදු කිරී­මයි. ඊට දේශ­පා­ලන පක්ෂ­ව­ල­ටක් වග­කී­මක් තියෙ­නවා.

සාමාන්‍ය වැසි­යකු අතින් වූවා නම් අනි­වාර්ය නඩු­වක්

මේ හඬ­පට සම්බන්ධ සිද්ධි­යට මෙය සමාන කළොත් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා කළ මේ ක්‍රියාව වෙනත් සාමාන්‍ය පුද්ග­ල­යකු කළා නම් අනි­වා­ර්ය­යෙන් ම අධි­ක­ර­ණයේ නඩු පැව­රී­මක් සිදු කෙරෙ­නවා. මම උදා­හ­ර­ණ­යක් කිය­න්නම්. ඔබට මතක ඇති මීට ඉහත කාල­ය­කදි එස්.බී. දිසා­නා­යක මහතා සබ­ර­ග­මුව පැත්තේ සමු­ළු­වක් අම­ත­මින් අධි­ක­රණ කෙරෙහි යම් විවේ­ච­න­යක් කර­මින් ප්‍රකා­ශ­යක් කළා. ඒහිදී ඔහුව අත්අ­ඩං­ගු­වට අරන් බන්ධ­නා­ගා­ර­ගත කළා විශාල කාල­ය­කට. එදා ඔහු ඇම­ති­ව­ර­යෙක්. නමුත් ඒ නඩු තීන්දුව දෙන­කොට ඔවුන් ඒ හඬ­පට අරන් සම්පූර්ණ පරී­ක්ෂ­ණ­යක් කළා මේවායේ තියෙන නිර­ව­ද්‍ය­භා­වය පිළි­බඳ ව. ඒවා සංස්ක­ර­ණය කළ ඒවාද නැද්ද යන්න විම­සුවා. මේ වත්මන් සිධියේ තියෙන බර­ප­තළ තත්ත්වය තමයි ඉහළ අධි­ක­රණ නිල­ධා­රි­යෙක් එක්ක මෙහෙම මේ දේවල් කතා කළ හැකිද යන්න. අධි­ක­රණ නිල­ධා­රී­නුත් ආචා­ර­ධර්ම සමඟ බැඳී ඉන්නවා. අධි­ක­රණ සේවා කොමි­ෂන් සභා මඟින් සියලු ම අධි­ක­රණ නිල­ධා­රීන්ව පුහුණු කර­නවා. මොකද ඒ අය ගැටෙන්නේ ජන­තා­වගේ ජීවි­ත­වල බොහොම සියුම් තැන් එක්ක නිසා ඔවුන්ට වග­කීම සම්බ­න්ධ­යෙන් හොඳ අව­බෝ­ධ­යක් හා පුහු­ණු­වක් ලබා දෙනවා. අධි­ක­රණ නිල­ධා­රි­යෙන් සාමාන්‍ය කෙනෙක් සමඟ සංවා­ද­යක් කරද්දි ඔවුන් තුළ අව­බෝ­ධ­යක් තිබිය යුතුයි ඒවා පටි­ගත කර­න­වාද වීඩියෝ කර­න­වාද කියන ඒක ගැන. පෞද්ග­ලික හිත­ව­තකු සමඟ කරන කතා­ව­කදි වුණත් නීති­යට සම්බන්ධ රාජ­කාරී කරන පුද්ග­ල­යන් හොඳ අව­ධා­න­යෙන් සිටිය යුතුයි.‍

පාර්ලි­මේ­න්තුවේ භාර­කා­රයා වශ­යෙන් කතා­නා­ය­ක­තු­මාට වග­කී­මක් තියෙ­නවා දැන්වත් මේ තත්ත්වය සම්බ­න්ධ­යෙන් තීන්දු­වක් ගන්න. මේ සම්බ­න්ධ­යෙන් මූලික විම­ර්ශ­න­යක් කිරීම කතා­නා­ය­ක­ව­රයා සතු වග­කී­මක්. මොකද අපි දැක්කා පහු­ගිය කාලයේ යම් යම් සිද්ධි සම්බ­න්ධ­යෙන් කතා­නා­ය­ක­ව­රයා නිතර නිත­රම නිවේ­දන නිකුත් කරලා තියෙ­නවා. මෙතැ­නදි අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය වෙනු­වෙන් ඔහුට පැහැ­දි­ලි­වම මැදි­හත් විය හැකියි.

අධි­ක­රණ නිල­ධා­රීන්ට හිතු­මතේ කට­යුතු කළ හැකිද?

මෙතැන ඇති අනෙක් ගැට­ලුව තමයි අධි­ක­රණ නිල­ධා­රීන්ට සාමාන්‍ය ජන­තාව සමඟ හිතු­මතේ සබ­ඳතා පැවැ­ත්වී­මට පුළු­වන්ද කියන කාර­ණාව. ඔවු­නුත් බැඳී ඉන්න නීති රීති මාලා­වක් තියෙ­නවා. ඉදි­රි­යේ­දි­වත් මේ තත්ත්වය අපි වළක්වා ගත යුතුයි. සමාජ මාධ්‍ය හරහා මේ සිද්ධිය ප්‍රචා­රය වුණා කියන්නේ මුළු ලෝක­යට ම මේ සිද්ධිය යනවා කියන එකයි. අනි­වා­ර්ය­යෙන් ම මේවා නිසා රටට වෙන්නේ විශාල හානි­යක්. නමුත් තව­මත් මේ දේවල් ප්‍රචා­රය වීම නතර වෙලත් නෑ. දැන් දැන් අධි­ර­ක­රණ නිල­ධා­රීන් විත­රක් නෙවෙයි; වෙන යම් යම් අය එක්ක රන්ජන් මන්ත්‍රී­ව­රයා කළ සංවා­දත් එළි­යට එනවා. මේක වැරදි පූර්වා­ද­ර්ශ­යක් නොක­ර­ගත යුතුයි. වහාම පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් කැඳ­වලා මේ ගැන ගත යුතු ක්‍රියා­මාර්ග ගත යුතු­මයි. මේ ආකා­ර­යෙන් ආය­ත­න­වල විශ්වා­සය බිඳ නොවැ­ටිය යුතුයි. මේ එළි­යට එන්නේ පහු­ගිය කාලෙ වුණු සිදු­වීම්නෙ. ඒ කියන්නේ යහ­පා­ල­නයේ සැබෑ අර­මුණ ඉටු වුණේ නෑ කියන ඒකනෙ. ව්‍යව­ස්ථා­දා­ය­කය, විධා­ය­කය හා අධි­ක­ර­ණය බොහොම ස්වාධීන කර­නවා කිය­ලනෙ යහ­පා­ල­නය ආවෙ. නමුත් ඔවුන්ගේ ඒ අර­මුණ වෙත ළඟා වීමට නොහැකි වීමේ ප්‍රති­ඵ­ල­යක් තමයි මේ හඬ­පට සිධි­යෙ­නුත් එළි­යට ආවෙ. මන්ත්‍රී­වරු කියන්නේ ජන­තා­වගේ නාය­ක­යන්. ඒ අය බුද්ධි­මත්ව හැසි­රිය යුතුයි. ඔවුන් තමන්ගේ රාජ­කාරී අර­මුණු කරා නොගොස් වෙන වෙන අර­මුණු කරා ගමන් කිරීම තමයි මේ වගේ ප්‍රති­ඵල ලැබෙන්න හේතුව.

මේ හඬ­පට නව­ත්වන්න කියලා මෝස­ම­කුත් ඉදි­රි­පත් වුණා. නමුත් එත­කොට අධි­ක­ර­ණය බල­නවා කෙනෙක්ගේ භාෂ­ණයේ නිද­හස ගැන. කෙන­කුට මෙයින් යම් අප­හා­ස­යක් හෝ අසා­ධා­ර­ණ­යක් වී ඇති­නම් ඒ සම්බ­න්ධ­යෙන් පිය­ව­රක් ගත යුතු­මයි. යම් යම් සංවි­ධාන දැන­ට­මත් මේ ගැන පරී­ක්ෂ­ණ­යක් හෝ විම­ර්ශ­න­යක් කරන්න කියලා ඉල්ලා තිබෙ­නවා. මම නම් කියන්නේ මෙතැ­නදි පූර්ව නිග­ම­න­ව­ලට එළ­ඹෙන්නේ නැතිව බුද්ධි­මත්ව තීන්දු­වත් ගත යුතුයි. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඉතා හොඳ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යක් නිකුත් වුණා. එතුමා ඉතා හොඳ ගම­නක් යනවා කියලා අප­ටත් පේනවා. විපක්ෂ නාය­ක­ව­ර­යාත් කිව්වා ඒ ගම­නට තමන් පූර්ණ සහාය දෙනවා කියලා. ඉතින් මේ දේවල් දිහා බැලු­වාම මට නම් පේන්නේ මේ සිද්ධිය ඒ යන ගමන යම් කිසි විතැන් කිරී­ම­කට ලක් කිරීමේ උත්සා­හ­යක් ද කිය­ලයි. මොකද එක එක්කෙ­නාට ගත්තු ඇම­තුම්නෙ මේ එළි­යට එන්නේ. ඉතිං මට නම් සැක­යක් තියෙ­නවා ඒ ගමන විතැන් කිරී­ම­ටයි අදාළ මන්ත්‍රී­ව­රයා මේ උත්සා­හය දැරුවේ කියලා. මොකද මේවා නිවැ­රදි කිරී­මට සහ මේ ගැන සෘජු ප්‍රති­ප­ත්ති­මය තීරණ ගන්න එතු­මාට යම් කිසි කාල­යක් වැය කර­න්නත් සිද්ධ වෙන­වනේ. මේ නිසා මේ සම්බ­න්ධ­යෙන් හැකි ඉක්ම­නින් විම­ර්ශ­න­යක් ආරම්භ කරලා හැකි ඉක්ම­නින් නෛතික ක්‍රියා­මාර්ග ගත යුතුයි.

 

අප­හාස නීති­යට අදාළ කරු­ණක්

අනෙක නීති­ඥ­යන්ට වෘත්තීය ආචා­ර­ධර්ම තියෙ­නවා. මමත් නීති­ඥ­ව­ර­යෙක්. හැම වෘත්ති­යක ම ඒවා තියෙ­නවා. මට තියෙන ගැට­ලුව මේ හැම ආචාර ධර්ම­යක් ම පහු­ගිය කාලය පුරා­වට ම උල්ල­ඝ­නය වෙලා තියෙන්නේ දේශ­පා­ල­න­ඥයො නිසානෙ. ඔය සිද්ධි­යට සම්බන්ධ රන්ජන් මන්ත්‍රී­ව­ර­යාත් පහු­ගිය කාලය පුරා­ව­ටම මාධ්‍ය ගෙනල්ල මාධ්‍ය ඉදි­රියේ එක එක පුද්ග­ල­යාව ප්‍රශන කර­නවා අපි දැක්කා. අන්න එතැ­නදි ඔහුට එරෙ­හිව ක්‍රියා­මා­ර්ග­යක් නොගැ­නීමේ ප්‍රති­ඵ­ලය තමයි මේ අද බොහොම දරු­ණු­වට ඒළි­යට ඇවිත් තියෙන්නේ. මම මේ දේ කියන්නේ චෝද­නා­වක් විදි­යට නෙවෙයි. නමුත් ඔය මන්ත්‍රී­ව­ර­යාගේ හැසි­රී­මෙන් පහු­ගිය කාලය පුරා­ව­ටම මේවායේ පෙනි­මිති පෙන්නුම් කළානෙ. එසේ ප්‍රසි­ද්ධියේ කෙනෙක්ට ඇම­තු­මක් ගෙන අප­හ­සු­තා­වට පත් කිරීම අප­හාස ගණ­ය­ටයි නීති පොතේදි වැටෙන්නේ; අප­හාස නීති­ය­ටයි එය අදාළ. නමුත් ඔහුව එහිදී නව­ත්තන්න කවු­රුත් උත්සාහ කළේ නෑ. වෛද්‍ය පාදෙ­ණි­ය­ටත් ඔහු ඇම­තු­මක් ගත්තා. නමුත් ඔහු ඒ ඇම­තුම ගත්තේ නෑ. පස් ගැට­ලු­වේ­දිත් වුණේ ඒ වගේ දෙයක්. ඔහුගේ නාය­ක­ත්ව­යට, වග­කී­මක් තිබුණා එදා ඔහුව නිරීක්ෂණය කරන්න. ඔහුට වාර­ණ­යක් දාන්න තිබුණා. මට හිතුණා කොයි වෙලේ හරි මෙහෙම දෙයක් වෙයි කියලා. හැබැයි එදා ඔහුව නැවැ­ත්තුවා නම් අද මෙහෙම දේවල් වෙන්නේ නෑ. ඔහු­ටත් භාෂ­ණයේ හා ප්‍රකා­ශ­නයේ අයි­තිය තියෙ­නවා. නමුත් අපි බොහෝ අව­ස්ථා­ව­ලදි දැක්කේ ඔහු ඒ සීමා­වන් ඉක්මවා ගිය අව­ස්ථා­ව­නුයි. අර ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රිට, පොලි­සියේ ඉහළ නිල­ධා­රීන් කීයක් මොහු නිසා අප­හ­සු­තා­වය පත් වුණාද? එදා ඔහුගෙ නිවේ­දන රස­වත් නිවේ­දන බවට පත් කර ලංකා­වට පෙන්නපු එකේ ප්‍රති­ඵ­ලය ඔහු ගත්තා.

1978 ව්‍යව­ස්ථාවේ 3 වැනි පරි­ච්ඡේ­දයේ 10 සිට 13 දක්වා තියෙ­නවා මූලික මිනිස් අයි­ති­වා­සි­කම් ගැන. ඒවාත් මේ මන්ත්‍රී­ව­ර­යාගේ හැසි­රී­මෙන් උල්ලං­ඝ­ණය වෙලා තියෙ­නවා. දැන් ඒ අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­ණය වුණු අයට පුළු­වන් ඔහුට එරෙ­හිව නීතිය ඉදි­රි­යට යන්න. තමන්ට අප­හා­ස­යක් කළාද තමන් ඒ ප්‍රකාශ කළාද යන්න ඔවුන්ට ඔප්පු කළ හැකියි.

කථා­නා­ය­ක­ව­ර­යාට, එජා­ප­යට  බර­ප­තළ වග­කී­මක්

යහ­පා­ල­නය ඇවිත් ලෝකයා ඉදි­රියේ පෙන්නුම් කළේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය රකි­නවා නීතියේ ස්වාධී­න­ත්වය ආරක්ෂා කර­නවා කියන එක වුණත් දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. ඉතින් අපි මුලින්ම ලෝකය ඉදි­රියේ ඔප්පු කළ යුතුයි ලංකාවේ අධි­ක­රණ ස්වාධීන බව හා නීතිය ශක්ති­මත් බව. මෙවැනි කාරණා නිසා රට ලක්වන අප­හ­සු­තා­වෙන් පහ­සු­වෙන් ගලවා ගන්න බෑ. දැන­වත් ඒ දේශ­පා­ලන පක්ෂයේ නාය­ක­යන් වරද නිවැ­රදි කිරී­මයි වහ­වහා කළ යුත්තේ. ඒ පක්ෂය දැන් ඉදි­රි­යට පැමි­ණිය යුත්තේ ඒ පුද්ග­ලයා වෙනු­වෙන් නෙවෙයි සමස්ත රට, අධි­ක­ර­ණය හා ජන­තාව වෙනු­වෙ­නුයි. තමන්ට ඔහු පාල­නය කර­ග­න්නට නොහැකි වීම සම්බ­න්ධ­යෙන් ඔවුන් දැන්වත් පාපො­ච්චා­ර­ණ­යක් කළ යුතුයි. ඔහු ඡන්ද තියෙන කෙනෙක් නම් ඔහුගේ වරද ගැන දැන් වහාම තීර­ණ­යක් ගත යුතුයි.

ලංකාව පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යීය රටක්. ඒවැනි රට­වල නීති­ඥ­වරු නඩු­වක තීන්දු ගැන, ඒවායේ කරුණු ගැන සාමා­න්‍ය­යෙන් කාත් ඒක්ක­වත් සාකච්ඡා කරන්නේ නෑ. ඒකට හේතුව එහෙම කතා කරලා යම් කිසි වෙන­සක් තීන්දු­වට බල­පෑ­වොත් සේවා දාය­ක­යාට ඒ නීති­ඥයා කරන්නේ බර­ප­තළ හානි­යක්. හැබැයි නඩු තීන්දු­වට පසු නම් ඒ ගැන විශ්ලේ­ෂ­ණ­යක් කළ හැකියි. නමුත් ඊට පෙර ඒවැනි දේ නොකළ යුතුයි කියායි මම විශ්වාස කරන්නේ.

ඊළ­ඟට එන ප්‍රශ්නය අධි­ක­රණ විම­ර්ශන බල­යක් ලංකාවේ තවම නොමැ­ති­කම. ඒකෙන් දුන් තීන්දු­වක් සම්බ­න්ධව නැවත විමසා බැලීමේ හැකි­යා­වක් ලංකාවේ නෑ. ඉන්දි­යාවේ හා ජැමෙ­යි­කාවේ නම් ඒ් බලය තියෙ­නවා. දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රී­ව­ර­යාගේ නඩුව ඇතු­ළුව අදාළ විනි­සු­රු­වන් දුන් තීන්දු සම්බ­න්ධව දැන් සමා­ජයේ කතා වෙනවා. නමුත් එසේ ඒ දේවල් යළි හැර­වී­මට ප්‍රති­පා­දන ලංකාවේ අධි­ක­රණ සතුව නෑ. නැවත සලකා බැලීමේ ඉඩ­කඩ අඩුයි. නමුත් විධා­යක ජනා­ධි­ප­ති­තු­මාට පුළු­වන් මේ සියලු දේ ගැන සොයා බලා මේ ගැන යමක් කරන්න. නමුත් ඊට තියෙන හැකි­යාව නම් අඩුයි. මේ ගැන අධි­ක­රණ සේවා කොමි­ස­මට, නීනි­ප­ති­ව­ර­යාට, අග­වි­නි­සු­රු­ව­ර­යාට යම් සොයා බැලී­මක් කළ හැකියි. නමුත් මේ සියල්ල වෙන්නේ අධි­ක­ර­ණ­යට යටත්ව නිසා අලුත් දොරක් විවර කළ යුතුයි මේ සම්බ­න්ධ­යෙන් පිය­ව­රක් ගන්න. ඒ්කට විධා­යක, ව්‍යව­ස්ථා­දා­යක සියලු අංශ­යන්ගේ සහය අව­ශ්‍යයි.

හොරාට කලින් කෙසෙල් කැන වැට පැනී­මක්

රන්ජන් මන්ත්‍රී­ව­රයා මෝස­මක් ඉදි­රි­පත් කළා මේ හඬ­පට නිකුත් වීම සම්බ­න්ධව. ඔහු කිය­නවා මේවා නඩු භාණ්ඩ කියලා. නමුත් තවම නඩු­වක් ගොනු වෙලත් නැති නිසා ඔහුම මේවා නඩු භාණ්ඩ කර­ගෙන තියෙන්නෙ ඇයිද යන්න ගැට­ලු­වක්. මේක පොලී­සි­යෙන් එළි­යට ආපු දෙයක් නෙවෙයි. සම­හර විට ඔහුගේ මිතු­ර­කු­ගෙන් ආපු එකක් වෙන්නත් පුළු­වන්. විප­ක්ෂ­නා­ය­ක­ව­ර­යාත්, හිටපු අග­මැ­ති­ව­ර­යාත් විමසා තිබුණා නඩු භාණ්ඩ කොහො­මද ඉළි­යට ආවෙ කියලා.

නමුත් ඒ්වා ගියේ ඔවු­න්ගේම කෙනකු අතින් බව අප අම­තක කළ යුතු නෑ. දැන් සෞඛ්‍ය ඇම­තිගෙ නඩු­වෙදි, සුදු­කොඩි නඩු­වෙදි නම් ඒ දේවල් පසුව නඩු භාණ්ඩ වුණා. නමුත් තවම මේවා නඩු භාණ්ඩ නෙවෙයි. මෝස­ම­කින් ඔහුට මේ තත්ත්වය නිවැ­රදි කළ හැකියි. නමුත් පෞද්ග­ලි­ක­ත්වයේ නීති­යක් නැති­කම හේතු­වෙන් ඒයින් ඵලක් වේ දැයි හිතන්න බෑ. මේක තවම විභාග වෙමින් පව­ති­න්නක් නිසා මම ඒ ගැන මීට වඩා කියන්නෙ නෑ. උසා­වියේ නඩු යද්දි නම් සංස්ක­ර­ණය නොකළ දත්ත ඉල්ල­නවා. මේ සිද්ධි­යේදි තවම මේ දේවල් වෙලා නොති­බෙ­ද්දිත් ඇයි හොරාට කලින් වැට පැන්නේ? අපි මේවා දෙස සවි­ඥා­නි­කව බැලිය යුතුයි.

Comments