හැරී - මේගන් වැක්ස් අනුරූ යුගලය ඉවතට | සිළුමිණ

හැරී - මේගන් වැක්ස් අනුරූ යුගලය ඉවතට

හැරී කුමරු සහ මේගන් කුමරිය රාජකීය පවුලේ කටයුතු වලින් හදිසියේ ඉවත් වීම හේතුවෙන් ලන්ඩනයේ මැඩම් ටුසෝඩ්ස් (Madame Tussauds) වැක්ස් කෞතුකාගාරයේ රජ පවුලේ රාජකීය වැක්ස් අනුරූ කලාපයේ තැම්පත් කොට තිබූ හැරීගේ සහ මේගන් ගේ වැක්ස් අනුරූ යුගලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් කර තිබේ.

හැරීගේ සහ මේගන්ගේ විවාහය සිදුවූ දිනම මෙම අනුරූ යුගලය කෞතුකාගාරයේ තැම්පත් කෙරුණි.

මෙම එක් අනුරුවකට වැයකොට තිබූ මුදල අමෙරිකානු ඩොලර් 195,000 කි. පින්තූරයේ දැක්වෙන්නේ එම වැක්ස් අනුරූ යුගලයයි.

 

Comments