හෙළයේ මිණි පහන | Page 11 | සිළුමිණ

හෙළයේ මිණි පහන

සිංහල භාෂාව රැක ගැනීමෙහිලා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ, කුමාරණතුංග මුනිදාසයන් උපන්නේ 1887 ජූලි 25 වැනි දිනය. රුහුණේ ප්‍රකට වෛද්‍යවරයකු වූ දොන් අබියෙස් කුමාරනතුංග මහතා මෙතුමාගේ පියා විය.

කුමාරනතුංග මුනිදාසයන් මූලික අධ්‍යාපනය ලැබුවේ දික්වැල්ලේ බෞද්ධ පාඨශාලාවෙන් ය. රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලැබූ එතුමා පුරා වසර 11ක් ගුරු විදුහල්පති තනතුරු දැරීය. 1917 දී පාඨශාලා පරීක්ෂක තනතුරට උසස් කරනු ලැබූ කුමාරනතුංග මුනිදාසයෝ සේවයෙන් විශ්‍රාම ගත් පසු ජීවිතයේ ඉතිරි කාලය දෙස - බස - රැස වෙනුවෙන් යෙදවූහ.

කුමර ගී, හීන්සැරය, හත්පණ, මඟුල් කෑම, ශික්ෂාවතාරය, කියවන නුවණ, ශික්ෂා මාර්ගය, අකුරු සැහැල්ල, ඉබේ සකුව, කුකවිවාදය ආදිය ඔහු රචනා කළ ග්‍රන්ථ අතර වෙයි.

අමීරා හමීඩ් 
9 ශ්‍රේණිය ‘ඊ’, 
යසෝදරා විද්‍යාලය, 
කොළඹ 08

Comments