පණිවිඩ හුවමාරු ක්‍රම | Page 34 | සිළුමිණ

පණිවිඩ හුවමාරු ක්‍රම

පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා අතීතයේ ද විවිධ ක්‍රම යොදාගෙන ඇත. දුණු, ඊතල භාවිතය, පරෙවියන්, ගිනි දැල, අශ්වාරෝහකයන් වැනි දේවල් ඉන් කිහිපයකි‍. වර්තමානයේ පණිවිඩ හුවමාරු ක්‍රම ඉතා දියුණු තත්ත්වයකට පත් වී ඇත. දුරකථන භාවිතය, ෆැක්ස් යන්ත්‍රය භාවිතය නිසා ලොව ඕනෑම අයකුට ඉතා ඉක්මනින් පණිවිඩ හුවමාරු කර ගත හැක. පරිගණකයත් සමඟ තොරතුරු හුවමාරුව ශීඝ්‍ර දියුණුවකට පත්ව තිබේ. චන්ද්‍රිකා තාක්ෂණය භාවිතය නිසා මිනිසාට පණිවිඩ හුවමාරුවේදී ලබාගත හැකි සේවාව ඉමහත් ය.

ඉෂාන් උදයංග 
12 - ඒ කලා, 
හීනටිගල ශාරිපුත්‍ර මහ විදුහල, 
තල්පේ

Comments