මේ සුන්ද­ර­ත්වය තව­කෙ­කුට දකින්න ඉඩ තබන්න | Page 2 | සිළුමිණ

මේ සුන්ද­ර­ත්වය තව­කෙ­කුට දකින්න ඉඩ තබන්න

කොරල් පර අතර තැනින් තැන රැඳී ඇති අප­ද්‍රව්‍ය දුටු විට නෙත නැඟෙන්නේ කඳු­ළකි. යන එන්නන් විසින් දැනු­වත්ව හෝ නොදැ­නු­වත්ව මුදා හරින ලද අප­ද්‍රව්‍ය හේතු­වෙන් ඒ සුන්දර පරි­ස­රය කෙමෙන් විනා­ශය කරා ළඟා  මින් තිබේ. පරෙවි දුප­තට පැමි­ණෙන සංචා­ර­ක­යන් සෘජු­වම මුදා­හ­රින අප­ද්‍රව්‍ය මෙන්ම ගංඟා ඇළ දොළ ආදි­යෙන් ගලා­ගෙන විත් මුහුදේ රැඳෙන අප­ද්‍රව්‍ය දැන් මේ පරි­ස­ර­යට මහත් තර්ජ­න­යක් වී ඇත.

උදෑ­සන හත හත­හ­මාර වන විටත් පරි­ස­රය උණු­සුම්ය. දාහ­යෙන් මිදී­ම­ටත්, පැමිණි ගමන සම්පුර්ණ කර­ගැ­නී­ම­ටත් සිතා නිල් රැලි නඟන සයුරු දියට පැන්නෙමි. එය අපූරු මුහුදු තීර­යකි. ඒ අපූරු බව වඩ වඩාත් අපූරු වන්නේ මුහුද යට කිලෝ­මී­ටර ගණ­නා­වක් දක්වා දිව යන නෙක පාටින් හැඩ වූ ගල්මල් යාය නිසාය. එය නෙක වර්ණ­යෙන් සිත්තම් කළ වනා­න්ත­ර­යක සොඳුරු දසු­නක් සිහි ගන්වයි. ඒ අතර එහෙ මෙහෙ පිහිනා යන නොයෙක් හැඩ­යෙන් , නොයෙක් වර්ණ­යෙන් යුත් මත්ස්‍ය­යන් ඒ සොඳුරු බව වඩාත් ස්මතු කර පෙන්වයි.

අප දෑස් ඉදි­රියේ අපූරු සොඳුරු බවක් මවා පෙන්වන ඒ මුහුදු තීරය අපට හමු­වන්නේ ත්‍රිකු­ණා­ම­ලයේය. ත්‍රිකු­ණා­ම­ලයේ පරෙවි දූපත අවට කොරල් පර පද්ධ­ති­ය­කින් සම­න්විත මුහුදු ප්‍රදේ­ශයේ සුන්දර බව යට කර­මින් දැන් අසු­න්ද­ර­ත්වය, පම­ණක් නොව විනා­ශ­යද ළඟා වෙමින් තිබේ.

ලෝකයේ බොහෝ සංචා­ර­ක­යන්ගේ සිත් සොරා­ගත් ත්‍රිකු­ණා­ම­ලයේ නිලා­වැලි වෙරළේ සිට මුහුදු සැත­පුම් එක­හ­මා­රක් පමණ දුරින් පිහිටි පරෙවි දූපත pigon Island නමින් ප්‍රසිද්ධ වී තබේ. අපේ රටට ආභ­ර­ණ­යක් වු එම පරි­සර කලා­පය (1963 දී වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආර­ක්ෂක පනත යටතේ) 2003 වස­රේදී අභය භූමි­යක් ලෙස නම් කර ඇත. හෙක්ට­යාර් 471.429 භූමි­යක් එම උද්‍යා­නය සතුව පව­තින අතර ගල්ප­ර­ව­ලින් යුතු දුපත් දෙකක් වේ.

අතී­ත­යේදි පරෙ­වි­යන් ආධා­ර­යෙන් පණි­වුඩ හුව­මාරු කර­ගත් මධ්‍ය­ස්ථා­න­යක් ලෙස යොදා­ගත් නිසා එය පරෙවි දූපත නමින් හැඳින්වේ. කොරල් ජීවීන් විශේෂ 100ක්, මත්ස්‍ය විශේෂ 178ක් එම පරි­සර පද්ධ­තිය තුළ වෙසේ. එත­රම් විශේ­ෂ­ත්ව­යක් ඇති සුන්ද­ර­ත්ව­යෙන් අනූන පරි­ස­රය ගැන අද ඔබට කීමට ඇත්තේ දුක්බර කතා­වකි.

මුහුදු දිය යටින් පිහිනා යමින් අපි සුන්දර කොරල් පර නර­ඹන්ට වීමු. නමුදු ඒ කොරල් පර අතර තැනින් තැන රැඳී ඇති අප­ද්‍රව්‍ය දුටු විට නෙත නැඟෙන්නේ කඳු­ළකි. යන එන්නන් විසින් දැනු­වත්ව හෝ නොදැ­නු­වත්ව මුදා හරින ලද අප­ද්‍රව්‍ය හේතු­වෙන් ඒ සුන්දර පරි­ස­රය කෙමෙන් විනා­ශය කරා ළඟා වෙමින් තිබේ. පරෙවි දුප­තට පැමි­ණෙන සංචා­ර­ක­යන් සෘජු­වම මුදා­හ­රින අප­ද්‍රව්‍ය මෙන්ම ගංඟා ඇළ දොළ ආදි­යෙන් ගලා­ගෙන විත් මුහුදේ රැඳෙන අප­ද්‍රව්‍ය දැන් මේ පරි­ස­ර­යට මහත් තර්ජ­න­යක් වී ඇත.

සාග­රය රැක බලා­ගැ­නී­මේදි ප්‍රධාන කරුණු කිහි­ප­යක් වෙත අපේ අව­ධා­නය යොමු කළ යුතුව ඇත. සාග­රය වටා ඇති වෙරළ තීරය මෙනම සාග­රය තුළ ඇති පිහිටා ඇති කොර­ල්ප­රද , ඒවාට විශේෂ වූ ජීවීන් ආරක්ෂා කිරී­මද අනි­වා­ර්ය­යෙන්ම කළ යුතුය.

මුහුදු ජල­යට දිනෙන් දින එකතු වන අප­ද්‍රව්‍ය අතර ප්ලාස්ටික්, සහ නොයෙක් තෙල් වර්ග, නිසා සාගර ජීවින් මෙන්ම එහි ජෛව පද්ධ­ති­යට ද හානි සිද්ධ වෙයි. පරි­සර විද්‍යා­ඥ­යන්ගේ සොයා­ගැ­නීම් වලට අනුව සාර­ග­රය සහ වෙරළ දුෂ­ණය වන්නේ ප්ලාස්ටික් මඟිනි.

අද වන විට සාගර සම්පත රැක­ගැ­නීම සඳහා ලෝකයේ රට­වල් රැසක් අත්වැල් බැඳ­ගෙන සිටී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ පරි­සර වැඩ­ස­ට­හන මඟින් 2017 පෙබ­ර­වාරි මාස­යේදි , පිරි­සුදු වෙර­ළක් සහ සාගා­ර­යක් පව­ත්වා­ගෙන යෑමේ අර­මුණ ඇතිව ප්ලාස්ටික් දුෂ­ණ­යට එරෙ­හිව සටන් කිරීමේ අර­මු­ණින් “පිවි­තුරු සයුර සංග්‍රා­මය “ ලෝක ය පුරා ක්‍රියා­ත්මක කරනු ලැබීය.

කොහොම වුණත් අපේ රට තුළ සමුද්‍ර දුෂ­ණය නතර කිරීමේ අර­මුණ සහ සාග­රය රැක­ගැ­නීමේ අර­මු­ණින් වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරීම සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය (MEPA) වෙත පැවරි ඇත.

පරි­ස­ර­වේ­දින් පව­සන ආකා­ර­යට ලෝකය පුරා ඇති සාගර, විල්, ඇළ දොළ ගංගා මෙන්ම ගොඩ­බිම ප්ලාස්ටික් අඩංග අප­ද්‍රව්‍ය බිලි­යන ගණ­නින් ආක්‍ර­ම­ණය කර­මින් සිටී. දැනට සිදු කර ඇති පරී­ක්ෂණ අනුව වස­ර­කට ප්ලාස්ටික් ටොන් මිලි­යන 8ක් සාගා­ර­යට එක්වන අතර ඒවා අත­රින් ටොන් 236000ක් මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු අප­ද්‍රව්‍ය ලෙස හඳු­නා­ගෙන ඇත.

සාග­රයේ ප්ලාස්ටික් තැන්පත් වීම නිසා කොරල් ආශ්‍රිත රෝග සිය­යට හතරේ සිට සිය­යට අසූ නවය දක්වා මේ වන විට ඉහළ ගොස් ඇත. එමෙන්ම දැන් දැන් සාග­රයේ මතු­පිට ආහා­ර­ව­ලට වඩා ප්ලාස්ටික් අප­ද්‍රව්‍ය ඇති බැවින් සාගර ජීවින්ගේ පැවැ­ත්මට එය විශාල තර්ජ­න­යක් වී ඇත. පරි­ස­ර­වේ­දින්ගේ සොයා­ගැ­නී­ම්ව­ලට අනුව කැස්බෑ­වන්ගේ මිය යෑමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එයයි. එනම් එම සතුන් ප්ලාස්ටික් ආහා­ර­යට ගැනී­මයි.

සෑම වස­ර­කම ජුනි මස 6,7,8 තෙදින සාග­රය සුරැ­කීමේ දින ලෙස නම් කර ඇත. අපේ රටේ ද සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය මඟින් එම දිනය සම­රනු ලැබේ. එම ආය­තන මඟින් ශ්‍රිලං­කාව වටා ඇති මුහුදු කලා­පය ආරක්ෂා කිරී­මෙන් මහඟු සේවා­වක් කරනු ලැබේ.

ජගත් සාගර දිනය වෙනු­වෙන් විශේෂ වැඩ­ස­ට­හන් රැසක් අප රටේද ක්‍රියා­ත්මක කෙරිණි. එම ආය­ත­නයේ ශාඛා එක්ව තරුණ තරු­ණි­යන්ගේ සහ ප්‍රජා සේවා ආය­ත­න­වල සහ­යෝ­ග­යෙන් මුහුදු වෙරළේ ප්ලාස්ටික් ආදි අප­ද්‍රව්‍ය, හා කොර­ල්පර ආශ්‍රිත අප­ද්‍රව්‍ය ඉවත් කිරීම ද සිදු කෙරිණි. ඊට අම­ත­රව තෝරා­ගත් වෙරළ කිහි­ප­ය­කම අප­ද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්ය­යයේ තරුණ තරු­ණියෝ දෙසී­යක් පමණ නිරත වී සිටිති. මුහුණු පොත භාවිතා කර­මින් ස්වෙච්ඡා සංවි­ධාන සහ තරණ තරු­ණියෝ වෙරළ සංර­ක්ෂණ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර­මින් සිටිති.

ත්‍රිකු­ණා­මල වෙරළේ කොරල් පර­වල සුන්ද­ර­ත්වය නර­ඹ­මින් සිටි අප බොහෝ කම්පා වුයෙමු . ඒ අද ඒ පරි­ස­ර­යට උදා වෙමින් පව­තින ව්‍යස­නය දැකී­මෙනි. අප සැම සහ­භාගි වූ එම වැඩ­ස­ට­හන සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­පති රියද් අද්මි­රාල් (විශ්‍රා­මික) රෝහණ පෙරේරා මහ­තාගේ උප­දෙස් අනුව ක්‍රියා­ත්මක කෙරිණි. එමෙන්ම අද මේ උද්ග­තව ඇති තත්ත්වය පිළි­බඳ සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ සාමා­න්‍යා­ධි­කාරි ආචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා අද­හස් දැක්වූ­යේය.

“අපේ රට සාගර පරි­සර පද්ධ­තීන් රාශි­ය­කින් සම­න්විත රටක්. අපේ රටට පරි­සර විද්‍යා­ත්මක , ආර්ථික , හා සාමා­ජීය වශ­යෙන් ඉතා ඉහළ දාය­ක­ත්ව­යක් හා සම්පත් සප­යන ස්ථාන­යක් බවට පත් වී තිබෙ­නවා. ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ කලා­පය, නොගැ­ඹුරු මුහුදේ ඇති සමුද්‍ර පරි­ස­ර­යත් ඈත දියඹේ ඇති ජල තටා­ක­යත්, ගැඹුරු මුහුදේ ඇති පතු­ලත් ප්‍රධාන අංග­ය­න්ගෙන් සම­න්වි­තයි. මේ පරි­සර පද්ධ­තිය ආරක්ෂා කර­ගැ­නීම සඳහා අපට කරන්න පුළු­වන් දේ බොහො­මයි.

අපේ රටේ ගොඩ­බිම මෙන් හය ගුණ­යක් විශාල මුහුදු කලා­ප­යක් තමයි අපට මීට පෙර තිබුණේ. නමුත් එය ඊටත් වඩා විශාල බව විද්‍යා­ත්ම­කව ඔප්පු කර­න්නට පුළු­වන්. කොහොම වුණත් මේ මුහුදු පරි­සර පද්ධ­තිය ආරක්ෂා කර­ගැ­නීමේ වග­කීම තිබෙන්නේ මිනි­සුන්ගේ අතේ­මයි. කරු­ණා­කර මේ පරි­ස­ර­යට ප්ලාස්ටික්, අප­ද්‍රව්‍ය මුදා­හ­රින්න එපා. අප කරන පළමු අව­වා­දය එයයි. ප්ලාස්ටික් මේ ලෝක­ය­ටම තර්ජ­න­යක් වී හමා­රයි. කොහොම වුණත් අපේ මේ පරි­සර පද්ධ­තිය රැක­ග­න්නට එක් වන ලෙස අප රටේ හැම­ගෙන් ඉල්ල­නවා.” ඒ පරි­ස­ර­වේ­දීන්ගේ ආරා­ධ­න­යයි . ආයා­ච­න­යයි.

බැලු බැල්මට නිල්වන් මුහුදු තීර­යට මෙත­රම්ම පාරි­ස­රික තර්ජ­න­යක් එල්ල වී ඇති බව නොවැ­ට­හෙයි. නමුදු විසි­තුරු කොර­ල්පර දකි­මින් මුහුදේ පිහිනා යන විට මේ සම්පත රැක ගත­යු­තුය යන දැඩි අර­මුණ සිතට ඒ. ඒ සිතු­විල්ල ඔබේ සිත­ටත් දැඩිව දැනෙන්නේ නම් මුහුද ආශිත පරි­සර කලා­පය පම­ණක් නොව රටේම පරි­ස­රය සුරැ­කෙනු ඇත.

Comments