බුද්ධ ශාසනය වෙනුවෙන් අලුත් වැඩ තුනක් | Page 10 | සිළුමිණ

බුද්ධ ශාසනය වෙනුවෙන් අලුත් වැඩ තුනක්

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් හා මෙරට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ‘ශාසන සුරක්ෂා’ ව්‍යාපෘතිය යටතේ සුවිශේෂ වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

ඒ අනුව ‘බුදු පුත් මවුපිය සුරක්ෂා’, ‘බොදු අරම සුරක්ෂා’ හා ‘බුදු පුත් සුරක්ෂා’ වැඩසටහන් තව මාස දෙකක් තුළ ක්‍රියාවට නැංවේ. ‘බුදු පුත් මවුපිය සුරක්ෂා’ වැඩසටහන යටතේ මහා සංඝරත්නයේ දෙමවුපියන්ට සුදුසු නිවාසයක් නැති නම් ඒ අයට නව නිවාස සාදා දීම සිදු කෙරේ. මේ වැඩපිළිවෙළ දැනටමත් ශාසන රක්ෂක බල මණ්ඩල මගින් ක්‍රියාවට නංවනු ලැබේ.

‘බොදු අරම සුරක්ෂා’ වැඩසටහන යටතේ ආර්ථික අතින් දුප්පත් විහාරස්ථාන දියුණුවට මූල්‍ය උපකාර ලබාදෙයි.

 

 

Comments