පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙකු මරුට | Page 10 | සිළුමිණ

පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙකු මරුට

අසේල කුරුළුවංශ
 
ගන්නෝරුව රණබිම ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි  පුද්ගලයින් දෙදෙනෙකු  මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඊට යටවූ ඔවුන් දෙදෙනා ඊයේ (07 )පස්වරුවේ එම ස්ථානයේදීම මියගොස් ඇත.
 
පස් කණ්ඩියට යටවූ පුද්ගලියින් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා පිටතට ගෙන පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එම අවස්ථාව වන විටත් ඔවුන් මියගොස්   ඇත.
 
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කඩේගෙදර සුගතදාස (61) නම් නිවෙස් හිමිකරු සහ හල්ඔලුව පල්ලේගම පදිංචි චම්පික උපුල් කුමාර නම් තිස් හත් හැවිරිදි අයෙකි. 
 
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
 

Comments